Saturday, May 10, 2025
Home » ජල ප්‍රති­ප­ත්ති­යක් සැක­සී­මට යෝජනා වුණත් ගොවි­තැන් වැඩ­ව­ලට ජල බද්දක් අය­ක­රන්නේ නෑ

ජල ප්‍රති­ප­ත්ති­යක් සැක­සී­මට යෝජනා වුණත් ගොවි­තැන් වැඩ­ව­ලට ජල බද්දක් අය­ක­රන්නේ නෑ

වාරි­මාර්ග ඇමැ­තිනී පවිත්‍රා වන්නි­ආ­රච්චි

by damith
March 2, 2024 1:04 am 0 comment

අමිල ප්‍රභාත් වන­සිංහ - අනු­රා­ධ­පුර අති­රේක

ජල සම්පත සුර­ක්ෂිත කිරී­මට ජල ප්‍රති­ප­ත්ති­යක් සැක­සී­මට යෝජනා වුව ද කිසි­වි­ටෙක ගොවි­තැන් කට­යුතු සඳහා කිසිදු ජල බද්දක් අය නොක­රන බව වාරි­මාර්ග ඇමැති පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය සඳ­හන් කළාය.

ඇමැ­ති­නිය මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (29) අනු­රා­ධ­පුර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ පැවැති අනු­රා­ධ­පු­රය, පොලො­න්න­රුව, ත්‍රිකු­ණා­ම­ලය, මන්නා­රම සහ වව්නි­යාව දිස්ත්‍රික් පහක ගොවි සංවි­ධාන නියෝ­ජි­ත­යන් සමඟ පැවැති රැස්වී­ම­කට සහ­භාගි වෙමිනි.

රටට බත සප­යන ගොවි ජන­තා­ව­ගෙන් ජල බද්දක් අය කිරී­මට රජයේ කිසිදු අපේ­ක්ෂා­වක් නැති බව වාරි­මාර්ග, වන­ජීවි සහ වන සංර­ක්ෂණ ඇමැ­තිනී නීතිඥ පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය අව­ධා­ර­ණය කරයි.

රටේ ජල සම්පත සුර­ක්ෂිත කිරී­මට ජල ප්‍රති­ප­ත්ති­යක් සැක­සීම සඳහා යෝජ­නා­වක් ඉදි­රි­පත් වී ඇති බවත් එම ප්‍රති­ප­ත්තිය සකස් කිරීම අද හෙට සිදු­ව­න්නක් නොවන බවත් එය සකස් කිරී­මට දීර්ඝ කාල­යක් ගත­වන අතර, ඒ සඳහා විවිධ අංශ කෙරෙහි අව­ධා­නය යොමු කර­මින් කළ යුතු ගැඹුරු ක්‍රියා­ව­ලි­යක් බවත් හෙතෙම පෙන්වා දුන්නාය. වාරි­මාර්ග, වන­ජීවි සහ වන සංර­ක්ෂණ ක්ෂේත්‍රයේ ගොවි ගැටලු විස­ඳීම සඳහා මේ රැස්වීම කැඳවා තිබුණ අතර, ඒ සඳහා අනු­රා­ධ­පු­රය, පොලො­න්න­රුව, ත්‍රිකු­ණා­ම­ලය, මන්නා­රම සහ වව්නි­යාව දිස්ත්‍රි­ක්ක­ව­ලට අයත් ගොවි සංවි­ධාන නියෝ­ජි­තයෝ සහ­භාගි වූහ. එහිදී ගොවි සංවි­ධාන නියෝ­ජි­ත­යන් ඉදි­රි­පත් කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­තිනී පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය කියා සිටියේ ගොවි ජන­තා­වට සිය ගොවි­බිම් සඳහා ලබා­දෙන ජලය වෙනු­වෙන් බද්දක් අය කිරී­මට රජය කිසිදු තීර­ණ­යක් ගෙන නොමැති බවයි. රජය එවැනි තීර­ණ­යක් ඉදි­රි­යට ද නොගන්නා බව තමා වග­කී­මෙන් ප්‍රකාශ කරන බව ද පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය අව­ධා­ර­ණය කළාය. මේ සාක­ච්ඡා­වේදී ගොවි සංවි­ධාන නියෝ­ජි­ත­යන් විසින් වාරි ඇළ මාර්ග නඩත්තු කට­යුතු, වන සතු­න්ගෙන් වන වගා හානි, විදුලි වැට ඉදි­කි­රීම් සහ නඩත්තු කිරීම්, වී මිල, පොහොර සහ­නා­ධාර මුදල් ප්‍රමා­ද­වීම් ඇතුළු වාරි­මාර්ග, වන­ජීවි සහ වන සංර­ක්ෂණ අංශයේ ගැටලු සම්බ­න්ධ­යෙන් පුළුල්ව සාකච්ඡා කෙරිණි.

ජායා­රූප – අනු­රා­ධ­පුර අති­රේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT