Home » ජාතික පොහොර ප්‍රති­ප­ත්ති­යට කාබ­නික පොහොර භාවි­තය ඇතු­ළත් කළ­යු­තුයි

ජාතික පොහොර ප්‍රති­ප­ත්ති­යට කාබ­නික පොහොර භාවි­තය ඇතු­ළත් කළ­යු­තුයි

ආහාර සුර­ක්ෂි­ත­තාව පිළි­බඳ ආංශික අධී­ක්ෂණ කාරක සභා සභා­පති

by damith
March 2, 2024 1:03 am 0 comment

ස්වර්ණා විජේ­කෝන් සහ සන්ධ්‍යා කරු­ණා­රත්න

මෙරට ජාතික පොහොර ප්‍රති­ප­ත්ති­යට කාබ­නික පොහොර භාවි­තය ඇතු­ළත් කළ යුතු බව ආහාර සුර­ක්ෂි­ත­තාව හා කෘෂි­ක­ර්මය පිළි­බඳ ආංශික අධී­ක්ෂණ කාරක සභාවේ සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රි ඩී. වීර­සිංහ මහතා ප්‍රකාශ කළේය.

කෙටි, මධ්‍ය­කා­ලීන හා දිගු­කා­ලීන ජාතික ප්‍රති­පත්ති සැක­සී­මේදී ප්‍රමු­ඛතා හඳු­නා­ගැ­නීම පිළි­බඳ ජාතික සභාවේ අනු කමි­ටුව විසින් සකස් කරන ලද ආහාර සුර­ක්ෂි­ත­තාව සඳහා වන සංක­ල්ප­මය ප්‍රති­පත්ති ද ආහාර සුර­ක්ෂි­ත­තාව හා කෘෂි­ක­ර්මය පිළි­බඳ ආංශික අධී­ක්ෂණ කාරක සභා­වේදී සලකා බලන ලද අතර සැලැස්ම සඳහා එම කාරක සභාව විසින් සංශෝ­ධන කිහි­ප­යක් ඇතු­ළත් කිරී­මට යෝජනා කර ඇත.

ආහාර සුර­ක්ෂි­ත­තාව හා කෘෂි­ක­ර්මය පිළි­බඳ ආංශික අධී­ක්ෂණ කාරක සභාව ඒ මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් පසු­ගි­යදා පාර්ලි­මේ­න්තු­වේදී රැස්වූ අතර එහිදී මේ සම්බ­න්ධ­යෙන් සාකච්ඡා විය. කාබ­නික පොහොර භාවි­තය සම්බ­න්ධ­යෙන් ගොවීන් දැනු­ම්වත් කිරීමේ අව­ශ්‍ය­තාව කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් වෙත දැනුම් දී ඇති අතර ඒ අනුව සෑම ප්‍රදේ­ශ­ය­කම ගොවීන් දැනු­ම්වත් කිරී­මට සැල­සුම් සකස් කරන බව කමිටු සභා­ප­ති­ව­රයා පැවැ­සීය. කාබ­නික පොහොර යොදා ගනි­මින් ගොවි­තැන් කරන ආදර්ශ කෘෂි­කා­ර්මික ගොවි­පොළ වෙත සෘජු­වම ගොස් එහි තත්ත්ව­යන් සොයා බැලී­මට යොමු­වන බව ද ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම කාබ­නික පොහොර නිෂ්පා­ද­නය කරන ව්‍යව­සා­ය­ක­යන් දිරි­ගැ­න්වීමේ අව­ශ්‍ය­තාව පෙන්වා දුන් කමිටු සභා­ප­ති­ව­රයා පොහොර භාවි­තය සම්බ­න්ධ­යෙන් ස්ථිර ජාතික ප්‍රති­ප­ත්ති­යක් ක්‍රියා­ත්මක කළ­හොත් සාධ­නීය වෙන­සක් ඇති කළ හැකි බව ද පෙන්වා දුන්නේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රි කපිල අතු­කෝ­රල, සුදත් මංජුල මහ­ත්ව­රුන් සහ රාජ්‍ය නිල­ධා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT