Home » ආර්ථික මධ්‍ය­ස්ථා­න­වල අහස උසට නැඟ තිබූ එළ­වළු මිල පහ­ළට

ආර්ථික මධ්‍ය­ස්ථා­න­වල අහස උසට නැඟ තිබූ එළ­වළු මිල පහ­ළට

by damith
March 2, 2024 1:03 am 0 comment

තලාව සමූහ - බී.ඩබ්ලිව්. ඩී. ධර්ම­කීර්ති

විශේ­ෂිත ආර්ථික මධ්‍ය­ස්ථා­න­වල එළ­වළු මිල ගණන් මේ වන විට ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති අතර කිලෝ­වක් රුපි­යල් 1000-2000කට පැවති එළ­වළු මේ වන විට රුපි­යල් 300 -200ත් අතර මිල­කට දක්වා පහත වැටී තිබේ. වම්බටු 80- 100, අමු මිරිස් 300-350, තක්කාලි 350, කැකිරි 80-100,

පිපිඤ්ඤා 40-50, බණ්ඩක්කා 100-120, මෑ කරල් 130-140, රාබු 40, වැට­කොළු 200, පතෝල 100-120, මාළු මිරිස් 300-400, වට්ටක්කා 250-270, ලීක්ස් 220,කැරට් 450 වැනි මිල ගණන් යටතේ ඒවායේ එළ­වළු අලෙවි කෙරේ.

පෑලි­ය­ගොඩ මැනිං වෙළෙ­ඳ­පොළේ ද එළ­වළු මිල ගණන් පහත වැටී ඇති අතර

තඹු­ත්තේ­ගම විශේෂ ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ එළ­වළු මිල ශීඝ්‍ර­යෙන් පහත වැටී ඇති බව ව්‍යාපා­රි­ක­යන් සහ ගොවීහු පව­සති. පසු­ගිය මාසයේ රුපි­යල් දාහ­ක­ටත් වඩා ඉහළ මිලක් තිබූ එළ­වළු රුපි­යල් 300 දක්වා අඩු වී ඇති බව ද ආර්ථික මධ්‍ය­ස්ථාන සභා­පති සුනිල් සෙනෙ­වි­රත්න මහතා පව­සයි.

තඹු­ත්තේ­ගම ආර්ථික මධ්‍ය­ස්ථා­නය වෙත එළ­වළු රැගෙන ආ ගොවීන් එළ­වළු මිල පහත යෑමත් සමඟ දැඩි අප­හ­සු­තා­වට පත්ව තිබෙන අතර ගොවීන් පව­සන්නේ පොහොර තෙල් බෙහෙත් යොදා වගා කළත් අස්වැ­න්නට නිසි මිලක් නොලැ­බීම කන­ගා­ටු­වට කරු­ණක් බවයි. රජය මැදි­හත් වී මේ සඳහා ක්‍රම­වේ­ද­යක් සකසා දෙන ලෙස ද ගොවීහු ඉල්ලති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT