විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් මේ වන විට ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති අතර කිලෝවක් රුපියල් 1000-2000කට පැවති එළවළු මේ වන විට රුපියල් 300 -200ත් අතර මිලකට දක්වා පහත වැටී තිබේ. වම්බටු 80- 100, අමු මිරිස් 300-350, තක්කාලි 350, කැකිරි 80-100,
පිපිඤ්ඤා 40-50, බණ්ඩක්කා 100-120, මෑ කරල් 130-140, රාබු 40, වැටකොළු 200, පතෝල 100-120, මාළු මිරිස් 300-400, වට්ටක්කා 250-270, ලීක්ස් 220,කැරට් 450 වැනි මිල ගණන් යටතේ ඒවායේ එළවළු අලෙවි කෙරේ.
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ද එළවළු මිල ගණන් පහත වැටී ඇති අතර
තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බව ව්‍යාපාරිකයන් සහ ගොවීහු පවසති. පසුගිය මාසයේ රුපියල් දාහකටත් වඩා ඉහළ මිලක් තිබූ එළවළු රුපියල් 300 දක්වා අඩු වී ඇති බව ද ආර්ථික මධ්‍යස්ථාන සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි.
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු රැගෙන ආ ගොවීන් එළවළු මිල පහත යෑමත් සමඟ දැඩි අපහසුතාවට පත්ව තිබෙන අතර ගොවීන් පවසන්නේ පොහොර තෙල් බෙහෙත් යොදා වගා කළත් අස්වැන්නට නිසි මිලක් නොලැබීම කනගාටුවට කරුණක් බවයි. රජය මැදිහත් වී මේ සඳහා ක්‍රමවේදයක් සකසා දෙන ලෙස ද ගොවීහු ඉල්ලති.