Sunday, May 11, 2025
Home » ළමා රෝහලේ විවෘත හද­වත් සැත්කම්වලට උප­ක­රණ ඇමැති උප­දෙ­සින් ලබා දෙයි

ළමා රෝහලේ විවෘත හද­වත් සැත්කම්වලට උප­ක­රණ ඇමැති උප­දෙ­සින් ලබා දෙයි

by damith
March 2, 2024 1:04 am 0 comment

සන්ධ්‍යා කරු­ණා­රත්න

රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද උරස් ශල්‍යා­ගා­රය වෙත විවෘත හද­වත් සැත්කම් සඳහා භාවිතා කරන Heart Lung Machines දෙකක් ලබා­දීම පෙරේදා (29) සිදු කෙරිණි.

සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහ­තාගේ උප­දෙස් පරිදි මෙරට රෝහල් පද්ධ­ති­යට අත්‍ය­වශ්‍ය වෛද්‍ය උප­ක­රණ කඩි­නම්න් ලබා­ග­නි­මින් රෝගී ප්‍රති­කාර සේවා­වන් ශක්ති­මත් කිරීම සඳ­හා‍ ­සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය ගෙන­යන වැඩ­පි­ළි­වෙළ යටතේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සෘජු මැදි­හත් වීම යටතේ මෙම වෛද්‍ය උප­ක­රණ ලබා­ගැ­නී­මට හැකි­යාව ලැබී ඇත.

සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එම උප­ක­රණ ලබා­දීම සිදු වූ අතර එම එක් යන්ත්‍ර­යක වටි­නා­කම රුපි­යල් මිලි­යන 80කි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විවෘත හද­වත් සැත්කම් සඳහා භාවිත කරන යන්ත්‍ර වසර 15කට වඩා පැරණි වන අතර, එම යන්ත්‍ර තව­දු­ර­ටත් භාවිතා කිරී­මට සුදුසු තත්ත්ව­යක නොපැ­ව­තීම නිසා මෙම යන්ත්‍ර ලබා­දීම සිදු­කෙ­රිණි.

විවෘත හද­වත් සැත්කම් සදහා වන පොරොත්තු ලේඛ­නයේ දැනට කුඩා රෝගී දරු­වන් 3,000ක් පමණ සිටින අතර මෙම යන්ත්‍ර මගින් විශාල සේව­යක් ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT