Saturday, May 10, 2025
Home » ශ්‍රී ලංකාවේ ආර්ථික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වෙන ඕනෑම අව­ස්ථා­ව­කදී ඊට එරෙ­හිව කට­යුතු කර­නවා

ශ්‍රී ලංකාවේ ආර්ථික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වෙන ඕනෑම අව­ස්ථා­ව­කදී ඊට එරෙ­හිව කට­යුතු කර­නවා

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ

by damith
March 2, 2024 1:06 am 0 comment

ශ්‍රී ලංකාවේ ආර්ථික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වන ඕනෑම අව­ස්ථා­ව­කදී ඊට එරෙ­හිව කට­යුතු කිරී­මට සූදා­නම් බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ බව ප්‍රකාශ කෙළේ ත්‍රිකු­ණා­ම­ලය චීන වරාය ගුවන් හමුදා කඳ­වුරේ පෙරේදා (29) පස්ව­රුවේ පැවැති ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිල­ධා­රීන් අධි­කා­රි­යට පත්කි­රීමේ උත්ස­ව­යට එක්වෙ­මිනි.

ත්‍රිකු­ණා­ම­ලය චීන වරාය ගුවන් හමුදා කඳ­වුර වෙත පැමිණි සේනා­ධි­නා­යක ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගුවන් හමුදා උත්ත­මා­චාර සහි­තව අභි­මා­න­වත් අයු­රින් පිළි­ගැ­නි­ණිනි.

කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ අංක 36, 37 හා 38 යන කැඩෙට් පාඨ­මා­ලා­ව­ලට අදා­ළව කැඩෙට් නිල­ධාරි නිල­ධා­රි­නි­යන් 16 දෙනෙකු අංක 65 සහ 66 කැඩෙට් නිල­ධාරි පාඨ­මා­ලාවේ නිල­ධා­රීන් 36 දෙනෙකු සහ අංක 17 හා 18 කැඩෙට් නිල­ධා­රිනී පාඨ­මා­ලාවේ නිල­ධා­රි­නි­යන් 5 දෙනෙකු අමෙ­රිකා එක්සත් ජන­පද 2023 කැඩෙට් නිල­ධා­රි­යකු අධි­කා­රි­යට පත් කිරීම මෙහිදී සිදු විය.

පුහු­ණු­වී­මේදී දක්ෂතා දැක්වූ කැඩෙට් නිල­ධා­රීන් 05 දෙනෙක් හා එක් කැඩෙට් නිල­ධා­රි­නි­ය­කට සම්මාන පිරි­නැ­මීම ද ජනා­ධි­ප­ති­ව­රයා අතින් සිදු කෙරිණි.

මෙම විසි­ර­යාමේ පෙළ­පා­ලි­යට අභි­මා­න­වත් බවක් එක්ක­ර­මින් ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩා­යම විචි­ත්‍ර­වත් සංද­ර්ශ­න­යක් ඉදි­රි­පත් කරනු ලැබූ අතර ලක්අ­ඹර ජය­ගත් ගුවන් හමුදා පැර­ෂුට් භට­යින් විසින් නිල් අහසේ තම අණ­සක පතු­ර­ව­මින් නිද­හසේ එක් එක් රටා මව­මින් රාත්‍රි පැර­ෂුට් සංද­ර්ශ­න­යක් ඉදි­රි­පත් කරන ලදි.

විචි­ත්‍ර­වත් සංස්කෘ­තික සංද­ර්ශ­න­ය­කින් ද මෙම අව­ස්ථාව වර්ණ­වත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමු­දාව රාත්‍රී විසි­ර­යාමේ පෙළ­පා­ලි­යක් පව­ත්වනු ලැබූ ප්‍රථම අව­ස්ථාව ලෙස මෙය ගුවන් හමුදා ඉති­හා­ස­යට එක් වේ.

විසි­ර­යාමේ පෙළ­පා­ලිය ඇමතූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙසේ ද පැවැ­සීය.

‘රතු මුහුද ආශ්‍රි­තව මේ වන­විට සිදු­වන සිදු­වී­ම්ව­ලින් ශ්‍රී ලංකාවේ ආර්ථික අයි­ති­වා­සි­ක­ම්ව­ලට හානි­යක් සිදු වෙනවා නම් ඒ වෙනු­වෙන් පෙනී සිටි­නවා. කලා­පයේ සහ ලෝක සාම­යට ප්‍රශ්න ඇති­වන සෑම අව­ස්ථා­ව­කම එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ වැඩ­පි­ළි­වෙ­ළට අවශ්‍ය සහාය ලබා­දී­මට ශ්‍රී ලංකාව කට­යුතු කර­නවා.

ලෝක සාමය සහ කලා­පයේ සාමය ආරක්ෂා කිරී­මට ශ්‍රී ලංකාව ඉති­හා­සයේ සිටම කට­යුතු කර තිබෙ­නවා. ඒ පිළි­බ­ඳව ඍජු තීරණ ගන්නවා. ඒ සඳහා ත්‍රිවිධ හමු­දාවේ වග­කීම සහ වග­වීම ජනා­ධි­ප­ති­ව­රයා සිහි­පත් කර සිටි­නවා.

ත්‍රිකු­ණා­ම­ලය චීන වරාය ගුවන් හමුදා කඳ­වුරේ කැඩෙට් පාඨ­මා­ලව සාර්ථ­කව අව­සන් කර විසිර යන නිල­ධා­රීන් 58 දෙනාගේ වැද­ගත්ම දිනය අදයි. ඔබ කිසි­වි­ටෙක තමන් හැදූ වැඩූ මවු­පි­යන් අම­තක නොකළ යුතුයි. මවු­පි­යන් සහ ගුරු­ව­රුන් ඔබගේ ජීවි­තය හැඩ­ගැ­ස්වී­මට කැප වුණා. ඒ සියලු දෙනාට ඔබගේ ස්තූතිය පුද කළ යුතුයි. අද ඔබ ගුවන් හමු­දාවේ නිල­ධා­රි­යෙක් ලෙස වැද­ගත් කාර්ය­යක් භාර­ග­න්නවා. ඒ වගේම මෙරට ආණ්ඩු­ක්‍රම ව්‍යාව­ස්ථාව ආරක්ෂා කිරීමේ වග­කීම භාර­ගනු ලබ­නවා. ඒ වගේම තමන් යටතේ සිටින අයට නාය­ක­ත්වය ලබා­දීමේ වග­කීම භාර ගන්නවා.

ඔබ රටේ ව්‍යව­ස්ථාව ආරක්ෂා කිරී­මට කැපවී සිටි­නවා. එය කිසි­වි­ටෙක අම­තක නොකළ යුතුයි. ශ්‍රී ලංකා ජන­රයේ ස්ථාව­ර­භා­වය සහ ආර­ක්ෂාව තහ­වුරු වන්නේ ඔබ එම යුතු­කම ඉටු­ක­ළ­හොත් පම­ණයි. ඒ නිසා එය ප්‍රධාන කාර්ය­යක් ලෙස සැල­කිය යුතුයි.

ඒ වගේම ඔබ සමඟ වැඩ කරන ඔබ නාය­ක­ත්වය ලබා දෙන අනෙක් සිය­ලු­දෙ­නාට ද ඔබ ගරු කළ යුතුයි. ඒ වගේම ඔවුන්ට මඟ­පෙ­න්විය යුතුයි. සෑම­වි­ටම ඉදි­රි­යෙන් සිටින්න. තමන් යටතේ සිටින අය තමන්ට කීකරු වනු ඇතැයි අපේක්ෂා කර­නවා නම් තමන් තමන්ගේ ජ්‍යෙෂ්ඨ­ය­න්ටත් කීකරු විය යුතුයි. නියම වින­යක් ඇති­වන්නේ එවි­ටයි.

ඒ වගේම නිල­ධා­රි­යකු ලෙස ඔබේ සෑම වග­කී­මක්ම ඉටු කළ යුතුයි. නාය­ක­ත්වය ලබා­දී­මට පසු­බ­ට­වෙන්න එපා.

ගැට­ලු­වක් මතු වූ විට ඉන් ඉවත් වෙන්න එපා. ජන­ර­ජය වෙනු­වෙන් තමන්ට වග­කී­මක් තිබෙ­නවා නම් එම වග­කීම සෑම­වි­ටම නොබි­යව ඉෂ්ට කිරීම ඔබේ යුතු­ක­මයි. රට අභ්‍ය­න්තර සහ විදේශ සතුරු බල­වේ­ග­ව­ලින් ආරක්ෂා කිරීමේ වග­කීම ඔබට පැව­රෙ­නවා. අද අභ්‍ය­න්තර වශ­යෙන් අපේ රටේ ආර්ථි­කය, සමාජ ක්‍රමය, දේශ­පා­ලන ක්‍රමය කඩා­වැ­ටුණු තත්ත්ව­ය­කින් ඉදි­රි­යට එමින් තිබෙ­නවා.

අපට නැවත එම යුග­යට යා නොහැ­කියි. ඒ නිසා මෙතැන් සිට අප ඉදි­රි­යට යා යුතුයි. ඒ සඳහා රටේ විශාල නවී­ක­ර­ණ­යක් සිදු කළ යුතුයි. ශීඝ්‍ර­යෙන් දියු­ණු­වන ආර්ථික පරි­ව­ර්ත­න­ය­කට යා යුතුයි. නොදි­යුණු රටක් ලෙස අපට තව­දු­ර­ටත් ඉදි­රි­යට යන්න බැහැ. මේ වග­කීම ඉටු කිරීමේ දී එහි වාසිය ලැබෙන්නේ ඔබ­ටත්, ඔබේ දූ දරු­ව­න්ටත් බව ප්‍රකාශ කළ යුතුයි.

ඒ නිසා සෑම අව­ස්ථා­ව­කම රටේ නීතිය ආරක්ෂා කර­මින් ව්‍යව­ස්ථාව අනුව රටේ ස්ථාව­ර­භා­වය ආරක්ෂා කිරී­මට ඔබ කැප­විය යුතුයි. ඒ අනුව තමයි රට දියුණු කිරී­මට හැකි­යාව ලැබෙන්නේ. ඒ වගේම අපේ රට සතුරු උව­දු­රු­ව­ලින් ආරක්ෂා කර ගැනීම පම­ණක් නොවෙයි අද පව­තින ජාත්‍ය­න්තර දේශ­පා­ලන තත්ත්වය අනුව කලා­පයේ ආර­ක්ෂාව ද තහ­වුරු කිරී­මට කට­යුතු කළ යුතුයි.

කලා­පයේ සාම­යට සහ ස්ථාව­ර­ත්ව­යට හානි­යක් වෙනවා නම්, එය අපේ රටට සිදු­වන අන­තු­රක් බව කිව­යු­තුයි. අපිට රටක් ලෙස තනිව ජීවත් වෙන්න බැහැ. සෑම රටක් සම­ඟම අත්වැල් බැඳ­ගෙන ඉදි­රි­යට යා යුතුයි. යුද්ධ­යක් කර පළ­පු­රු­ද්දක් ලැබූ ලංකාව වැනි රටක් එහිදී පැත්ත­කට වී සිටි­යොත් එය අපේ යුතු­කම් පැහැර හැරී­මක් වෙනවා. කලා­පයේ ස්ථාව­ර­භා­ව­යත් ආර­ක්ෂා­වත් වැද­ගත් වෙනවා. ඒ වගේම ලෝක සාම­යත් අපට වැද­ගත් වෙනවා. ඒ නිසා එම කට­යු­තු­ව­ලට අපේ ත්‍රිවිධ හමු­දාවේ දාය­ක­ත්වය අවශ්‍ය වෙනවා නම් රටක් ලෙස අප ඊට මැදි­හ­ත්විය යුතුයි.

අපේ ආර­ක්ෂක හමු­දාව එදා මාලි රාජ්‍යය ත්‍රස්ත­වා­ද­යෙන් ආරක්ෂා කිරී­මට දායක වුණා. ඒ වැඩ කට­යුත්ත අනෙක් අය අගය කළා. අද රතු මුහුදේ සිදු­වන සිදු­වී­ම්ව­ලින් අපේ ආර්ථික අයි­ති­වා­සි­ක­ම්ව­ලට හානි­යක් සිදු වෙනවා නම් එය ආරක්ෂා කර ගැනී­ම­ටත් අප කැපවී සිටි­නවා. ඒ නිසා කලා­පයේ සාම­යට සහ ලෝක සාම­යට ප්‍රශ්න­යක් තිබෙ­නවා නම් එවැනි අව­ස්ථා­ව­න්වල එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යට අවශ්‍ය සහාය ලබා­දී­මට අප කට­යුතු කර­නවා. ඒ නිසා ලෝක සාමය සහ ස්ථාව­ර­භා­ව­යත් අපේ රටේ සාම­යත් ස්ථාව­ර­භා­ව­යත් ආරක්ෂා කර­ගත යුතුයි.

ත්‍රිවිධ හමු­දාව ඊළඟ දශ­කය තුළ විශාල පරි­ව­ර්ත­න­ය­කට ලක් වෙනවා. අද ලෝකය සිටින්නේ තාක්ෂණ යුග­ය­කයි. අද හමුදා ක්‍රියා­ත්මක වන්නේ තාක්ෂ­ණය පද­නම් කර­ගෙ­නයි. අපිත් එම තත්ත්ව­යට ක්‍රමා­නු­කූ­ලව පැමි­ණිය යුතුයි. ඔබට එම වග­කීම තිබෙ­නවා. මෙම සියලු කට­යුතු සමඟ ඔබ ශක්ති­මත් හමු­දා­වක් ලෙස ඉදි­රි­යට යා යුතු බව මම ප්‍රකාශ කර­නවා.’

ආර­ක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්න­කෝන්, ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක හා ජනා­ධි­පති කාර්ය­ම­ණ්ඩල ප්‍රධානි සාගල රත්නා­යක, නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර සෙන්දිල් තොණ්ඩ­මන්, ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් (විශ්‍රා­මික) ජෙන­රල් කමල් ගුණ­රත්න, ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානි ජෙන­රල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ, චීන වරාය ගුවන් හමුදා විද්‍යා­පී­ඨයේ පීඨා­ධි­පති කොම­දෝරු තුෂාර වීර­රත්න යන මහ­ත්වරු ඇතුළු හමුදා ප්‍රධා­නීහු සහ ගුවන් හමුදා සාමා­ජි­ක­යන් ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT