Sunday, May 11, 2025
Home » ශ්‍රී ලංකා – අමෙ­රිකා සුහුරු කිරි නිෂ්පා­දන ව්‍යාපෘ­ති­යක් ඇරැඹේ

ශ්‍රී ලංකා – අමෙ­රිකා සුහුරු කිරි නිෂ්පා­දන ව්‍යාපෘ­ති­යක් ඇරැඹේ

by damith
March 2, 2024 1:04 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

ශ්‍රී ලංකාවේ වෙළෙ­ඳ­පොළ පද­නම් කර ගත් සුහුරු කිරි නිෂ්පා­දන ව්‍යාපෘ­ති­යක් ආරම්භ කිරීම පෙරේදා (29) කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහ­තාගේ සහ ශ්‍රී ලංකාවේ අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ තානා­ප­තිනි ජූලි චංග් මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොළඹ Move Npick හෝට­ලයේ දී පැවැ­ත්විණි.

අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ සංව­ර්ධ­නය සඳහා වන කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ මුල්‍ය අනු­ග්‍ර­හය මත ශ්‍රී ලංකාව තුළ සුළු හා මධ්‍යම පරි­මාණ කිරි නිෂ්පා­ද­ක­යින් බල­ගැ­න්වීම සඳහා මෙම වෙළෙ­ඳ­පොළ පද­නම් කර ගත් සුහුරු කිරි නිෂ්පා­දන ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කර ඇත.

මෙම වැඩ­පි­ළි­වෙළ යටතේ අප රටේ කුඩා හා මධ්‍යම මට්ටමේ කිරි නිෂ්පා­දන කට­යු­තු­වල නිර­ත­වන කිරි ගොවීන් 15,000කට ව්‍යාපා­රික කිරි කර්මා­න්තය සඳහා අවශ්‍ය පහ­සු­කම් සැප­යී­මට නිය­මි­තය. එමෙන්ම කිරි නිෂ්පා­ද­න­වල ගුණා­ත්ම­ක­භා­වය පිළි­බඳ කරුණු 27ක් යටතේ කිරි ගොවීන් 27 දෙනෙක් මූලි­කව පුහුණු කිරී­මට පිය­වර ගෙන ඇති අතර ඔවුන් මඟින් අනෙ­කුත් කිරි ගොවීන් පුහුණු කිරී­මට පිය­වර ගෙන තිබේ.

මෙහිදී අද­හස් පළ කළ ශ්‍රී ලංකාවේ අමෙ­රිකා එක්සත් ජන­පද තානා­ප­තිනි ජූලි චංග් මහ­ත්මිය මෙම දේශ­ගුණ සුහුරු කිරි නිෂ්පා­දන ව්‍යාපෘ­තිය එක්සත් ජන­පද අර­මු­දල් යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක කරනු ලබන නව­තම ව්‍යාපෘ­තිය බවත්, ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් සඳහා තර­ග­කා­රි­ත්වය හා හොඳ නිෂ්පා­දන පුරුදු යටතේ තම නිෂ්පා­දන අලෙවි කර ගැනීම සඳහා වෙළෙ­ඳ­පොළ මූලික කර ගත් කිරි නිෂ්පා­දන කර්මාන්ත වැඩ­පි­ළි­වෙළ විශාල සහ­යෝ­ග­යක් වනු ඇති බවත් ප්‍රකාශ කළාය.

කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා මෙහිදී පැවැ­සුවේ මෙම ව්‍යාපෘ­තිය ආරම්භ කිරීම සම්බ­න්ධව අමෙ­කාව එක්සත් ජන­පද රජ­යට ස්තුතිය පළ කරන බවයි. විශේ­ෂ­යෙන් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පා­දන කර්මා­න්තය පසු­ගිය කාලය තුළ පැවැති ආර්ථික අර්බු­දය මෙන්ම රසා­ය­නික පොහොර අර්බු­දය නිසා පහත වැටුණු බවත්, වර්ත­මා­නයේ නැව­තත් කිරි නිෂ්පා­දන කර්මා­න්තය ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව සාධ­නීය ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.මෙම සුහුරු කිරි නිෂ්පා­දන ව්‍යාපෘ­තිය සඳහා සම්පූර්ණ සහ­යෝ­ගය ලබා දීමට කට­යුතු කළ ශ්‍රී ලංකාවේ අමෙ­රිකා එක්සත් ජන­පද තානා­ප­තිනි ජූලි චංග් මහ­ත්මි­යට ද ආණ්ඩුව වෙනු­වෙන් මෙන්ම මෙරට කිරි ගොවීන් වෙනු­වෙන් තම කෘත­ඥ­තාව පළ කරන බව ද ඇමැ­ති­ව­රයා කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT