118
පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය සමයේ දිගින් දිගටම ඇතිවූ ගැටුම්වලින් රැඳවියන් පලායෑමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත්කළ කමිටුවේ වාර්තාව එහි සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්. යාපා මහතා විසින් ඊයේ (01) ඇමැතිවරයා වෙත භාර දෙන ලදි.
මෙම අවස්ථාවට කමිටු සාමාජික අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ එස්. සපුගස්වත්ත මහතා ද එක්විය.