Home » ජාතික සයි­බර් ආර­ක්ෂණ පනත මේ වස­රේදී ගේනවා – තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත්

ජාතික සයි­බර් ආර­ක්ෂණ පනත මේ වස­රේදී ගේනවා – තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත්

තාක්ෂණ නොවන උපා­ධි­ධා­රීන් 10,000කට සය මාසික තාක්ෂණ කර්මාන්ත පුහු­ණු­වක් මැයි මාසයේ

by damith
March 2, 2024 1:04 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

ජාතික සයි­බර් ආර­ක්ෂණ පනත මේ වස­රේදී ගෙන ඒමට බලා­පො­රොත්තු වන බවත් අන­තු­රුව සයි­බර් ආර­ක්ෂණ අධි­කා­රිය ගොඩ­නැ­ඟී­මට කට­යුතු කරන බවත් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා පැව­සීය.

ඩිජි­ටල් ආර්ථි­කය ශක්ති­මත් කිරී­මෙන් රටේ ආර්ථි­කය සංව­ර්ධ­නය කිරී­මට ඩිජි­ටල් ආර්ථික සමු­ළුව ජූලි මස අව­සා­නයේ ශ්‍රී ලංකාවේ දී පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබෙන බවත් රාජ්‍ය ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා මේ බව සඳ­හන් කළේ ‘ස්ථාවර රට­කට සැවොම එක මඟ­කට’ මැයෙන් ජනා­ධි­පති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා (29) පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක් වෙමිනි. එහිදී වැඩි­දු­ර­ටත් මුදල් රාජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේ ද පැව­සීය.

පසු­ගිය කාලයේ 4.73% ක්ව පැවති ඩිජි­ටල් ආර්ථි­කය අද වන විට 5%කට වඩා ඉහළ තත්ත්ව­ය­කට වර්ධ­නය වී තිබෙ­නවා. ඩිජි­ටල් ආර්ථි­කය ශක්ති­මත් කිරී­මෙන් රටේ ආර්ථි­ක­යට විශාල ශක්ති­යක් ලැබී තිබෙ­නවා.එය තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට ඩිජි­ටල් ආර්ථික සමු­ළුව ජූලි මස අව­සා­නයේ ශ්‍රී ලංකා­වේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබෙ­නවා.ඒ හරහා දේශීය මෙන්ම විදේ­ශීය ආයෝ­ජ­ක­යන් මෙර­ටට ගෙන්වී­මට ද සැල­සුම් කර තිබෙ­නවා.ඒ වෙනු­වෙන් විදෙස් තානා­පති කාර්යාල,විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සහ ආයෝ­ජන ප්‍රව­ර්ධන අමා­ත්‍යාං­ශය එක්ව කට­යුතු කර­නවා.

ඒ වගේම පසු­ගිය වසරේ SLSI ආය­ත­න­යෙන් ලැබුණු ලාභ­යෙන් මිලි­යන 50ක් භාණ්ඩා­ගා­ර­යට ලබාදී තිබෙ­නවා.මෙරට ආර්ථි­ක­යට 52%ක දාය­ක­ත්ව­යක් ලබා­දෙන කුඩා හා මධ්‍යම පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් නඟා සිටු­වීම උදෙසා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ යෝජ­නා­ව­කට අනුව නව ව්‍යාපෘ­ති­යක් ආරම්භ කර තිබෙ­නවා.කුඩා හා මධ්‍යම පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් තාක්ෂ­ණි­කව සවි­බල ගැන්වීම එහි අර­මුණ වී තිබෙ­නවා.එහිදී ව්‍යව­සා­ය­ක­යන් සඳහා GMP සහ­ති­කය සහ SLSI සහ­ති­කය ලබා­දී­මට කට­යුතු කර­නවා. අන­තු­රුව ඔවුන්ට ආසි­යානු සංව­ර්ධන බැංකුව (ADB) හරහා අඩු පොලි­යට ණය ආධාර ලබා­දී­මට ද අප බලා­පො­රොත්තු වෙනවා. එම කුඩා හා මධ්‍යම පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් වෙළෙ­ඳ­පොළ වෙත යොමු කිරීම අපගේ අර­මු­ණයි.

එමෙන්ම ශ්‍රී ලංකා ස(ර්)ට් ආය­ත­නය (Sri Lanka Cert Institute) මඟින් ජාතික සයි­බර් ආර­ක්ෂණ පනත මේ වස­රේදී ගෙන ඒමට බලා­පො­රොත්තු වෙනවා. ඉන්ප­සුව සයි­බර් ආර­ක්ෂණ අධි­කා­රිය ගොඩ­නැ­ඟී­මට ද ඉතා­මත් කඩි­න­මින් ක්‍රියා කර­නවා.

විදුලි සංදේශ නියා­මන කොමි­සම,අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ සහ­යෝ­ගය ඇතිව අන්ත­ර්ජාල පහ­සු­කම් නොමැති තෝරා ගත් පාසල් 1000කින් 700ක් සඳහා අන්ත­ර්ජාල පහ­සු­කම් දී තිබෙ­නවා. එහි දෙවැනි අදි­යර ලෙස පාසල් මට්ට­මින් “කෘත්‍රිම බුද්ධිය” විෂය හඳු­න්වා­දී­මට AI මධ්‍ය­ස්ථාන පිහි­ටු­වී­මට ද බලා­පො­රොත්තු වෙනවා.

උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සමඟ එක්ව තාක්ෂණ නොවන උපා­ධි­ධා­රීන් 10,000ක් සඳහා සය මාසික තාක්ෂණ කර්මාන්ත පුහු­ණු­වක් ලබා­දීම මැයි මාසයේ දී ආරම්භ කිරී­මට ද බලා­පො­රොත්තු වනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT