කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ සියලුම ආයතන එක්ව සංවිධාන කරන Agri Tech 24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය අද (02)පෙරවරු 10.00ට හුංගම ,බටඅත කෘෂිතාක්ෂණික උද්‍යානයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරේ. අද (02) සිට 05 වැනි දින දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වෙන මේ ප්‍රදර්ශනය නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වාදීමේ අරමුණ ඇතිව සංවිධාන කර ඇත.
මේ ප්‍රදර්ශනයට රාජ්‍ය ප්‍රදර්ශන කුටි 65ක්, සුළු පරිමාණ ව්‍යසායකයන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිසල් 26ක් සහ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි 35කට අධික ප්‍රමාණයක් ඇතුළත්ය.මේ ප්‍රදර්ශනයේ විශේෂත්වය වනුයේ මේ වනවිට කෘෂිකර්මාන්තය භාවිත වන නව කෘෂි තාක්ෂණික ක්‍රමවේද ප්‍රදර්ශනය කිරීමයි. එමෙන්ම නව තාක්ෂණය යොදා ගැනීම මඟින් වැඩි අස්වැන්නක් ලැබීම, අඩු ජල ප්‍රමාණයක් සහ අවම පොහොර යෙදීම මඟින් ගුණාත්මක කෘෂි නිෂ්පාදන හඳුන්වාදීම, නව බීජ වර්ග හඳුන්වාදීම, බීජ නිෂ්පාදනය, පලිබෝධ හානි වළක්වා ගැනීම වැනි අංශ රැසක් සම්බන්ධව පාසල් සිසුන්, කෘෂි ව්‍යවසායකයන් ඇතුළු ජනතාවට දැනුම ලබාදීම මේ ප්‍රදර්ශනයේදී සිදු කෙරේ.