දහතුන් වැනි කොළඹ ජාත්‍යන්තර නූල් සහ රෙදි ප්‍රදර්ශනය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී ඊයේ (29) ආරම්භ විය.
11 වන Textech Sri Lanka 2024 International Expo on Textile, garment Technology and Machinery වලින් සමන්විත CEMS – Global USA හි ශ්‍රී ලංකා රෙදිපිළි ප්‍රදර්ශන මාලාව මෙලෙස ආරම්භ වූ අතර ජාත්‍යන්තර නූල්, රෙදි, සැරසිලි සහ උපාංග නිෂ්පාදකයන් සහ 43 වැනි ඩයි+කෙම් ශ්‍රී ලංකා 2024 ජාත්‍යන්තර ප්‍රදර්ශනය වර්ණක සහ සියුම් හා විශේෂිත රසායන ප්‍රදර්ශනය කරයි.
දින තුනක පමණ කාලයක් පැවැත්වෙන මේ ප්‍රදර්ශන ත්‍රිත්වය දිනපතා පෙරවරු 10.00 සිට සවස 6.00 දක්වා පැවැත්වේ. ඒ අනුව මේ ආයතනය මගින් 11වැනි වරට පවත්වන මේ ජාත්‍යාන්තර රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණය සම්බන්ධ ප්‍රදර්ශනය 2024, ජාත්‍යන්තර නූල්, රෙදි, සැරසිලි සහ උපාංග නිෂ්පාදකයන්ගේ සහභාගිත්වයෙන් දහතුන්වරට පවත්වන කොළඹ ජාත්‍යන්තර නූල් සහ රෙදි ප්‍රදර්ශනය 2024 ද මෙහිදී වැදගත් වේ.
ඇඟලුම් කර්මාන්තයේ නියැළෙන විවිධ කර්මාන්තකරුවන්ට සහයෝගිතා පහසුකම් සැලසීම, නවතම තාක්ෂණ ප්‍රදර්ශනය කිරීම සහ වෙළෙඳ සබඳතා වර්ධනය කිරීමට සංවිධාන කර ඇති මේ දැවැන්ත ජාත්‍යාන්තර ප්‍රදර්ශනය සෙම්ස් ග්ලෝබල් යු.එස්.ඒ. ආයතනය මගින් මහද්වීප හතරක් තුළ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ කරවමින් කරන බි2බි ප්‍රදර්ශනයන් අතරින් රෙදිපිළි කර්මාන්ත ක්ෂේත්රයේ දියුණුවට බෙහෙවින්ම අතහිත ලබාදීම අරමුණු කරගනිමින් බංග්ලාදේශය, බ්‍රසීලය, මොරොක්කෝව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල් එකිනෙක සම්බන්ධ කරවමින් පවත්වනු ලබන රෙදිපිළි හා සම්බන්ධ ප්‍රදර්ශනවලින් ජාත්‍යාන්තර රෙදිපිළි නිෂ්පාදකයන් හා ඇඟලුම් කර්මාන්තය අතර වැදගත් සම්බන්ධතාවන් ගොඩනැංවීමට මේ ප්‍රදර්ශනය මගින් තෝතැන්නක් සකස් කරදීමට සෙම්ස් ග්ලෝබල් ආයතනය සමත් වී ඇත.
රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණයන් සම්බන්ධ ප්‍රදර්ශනය 2024 මූලික වශයෙන් රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්රයට අදාළ නවීන යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණික මෙවලම් පිළිබඳ පුළුල් දැනුමක් දෙමින් ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තයේ ප්‍රගතියට ආලෝකයන් ලබාදීමට ඉවහල් වේ.
මීට සමගාමීව දහතුන් වරට පවත්වන කොළඹ ජාත්‍යාන්තර නූල් සහ රෙදි ප්‍රදර්ශනය 2024 න් විවිධ නූල් රටා, රෙදි සහ අදාළ ද්‍රව්‍ය ඇතුළත්ව ස්වභාවික තන්තුවල පටන් පරිසර හිතකාමි අමුද්‍රව්‍ය දක්වා ද ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයට ගැළපෙන විවිධ නවීන විලාසිතාවන් ගේ දොර රෙදිපිළි සහ තාක්ෂණික කටයුතුවලට භාවිතා කරන රෙදිවර්ග සම්බන්ධව පුළුල් දැනුමක් ලබාගත හැකිවන අතරම සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයන් අතර සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමට ද ඉවහල් වේ. මේ ප්‍රදර්ශනවල සුවිශේෂි අංශයක් වනුයේ නවෝත්පාදනය සහ තිරසාරත්වය ප්‍රදර්ශනය කිරීමයි. දිනෙන් දින වෙනස් වන ගෝලීය වුවමනාවන් ඉදිරියේ පරිනාමය වන ඇඟලුම් කර්මාන්තයේ නිෂ්පාදකයන්ට ඔවුන්ගේ අතී නවීන තාක්ෂණයන් තිරසාර භාවිතය පරිසර හිතකාමි අමුද්‍රව්‍ය ඉදිරිපත් කිරීමට මේ ප්‍රදර්ශන අපූරු වේදීකාවක් වනු නොඅනුමානය.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මේ රෙදිපිළි ප්‍රදර්ශන මාලාවේ සංස්කරණ මගින් මෙරට සමස්ත රෙදිපිළි හා ඇඟළුම් කර්මාන්තයේ නරඹන්නන්ට රෙදිපිළි ඇඟලුම් යන්ත්‍රෝපකරණ ,නූල්,රෙදි,ඇඟලුම්,ට්රිම්ස්,උපාංඟ,ඩයිවර්ග ඇතුළු විවිධ රෙදිපිළි නිෂ්පාදන සහ විසඳුම්දැක ගත හැකිය. මෙම ප්‍රදර්ශනය රසායන ද්‍රව්‍ය සහ රෙදිපිළි අමුද්‍රව්‍යවල සිට නිමි භාණ්ඩ දක්වා සමස්ත රෙදිපිළි දාමය ආවරණය කරයි. නරඹන්නන්ට ලොවපුරා නිෂ්පාදකයන් සමඟ එකම වහලක් යට ජාලගත වීමට සහ දේශසීමා සම්බන්ධතා සහ නව හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට මේ ප්‍රදර්ශනය අවස්ථාවක් වනු ඇත.
එකොළොස් වන වරට පවත්වන ජාත්‍යන්තර රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණයන් සම්බන්ධ ප්‍රදර්ශනය 2024,ජාත්‍යන්තර නූල්,රෙදි, සැරසිලි සහ උපාංඟ නිෂ්පාදකයන්ගේ සහභාගිත්වයෙන් දහතුන්වරට පවත්වන කොළඹ ජාත්‍යාන්තර නූල් සහ රෙදි ප්‍රදර්ශනය 2024, හතළිස්තුන්වරට පවත්වනු ලබන වර්ණක සහ සියුම් සහ විශේෂිත රසායන හඳුන්වාදෙන ඩයි +කෙම් ශ්‍රී ලංකා 2024 ජාත්‍යාන්තර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ ගමන් මඟ යළි පුනරුදයක් ලබනු ඇත.
නිව්යෝර්ක්හි පදනම්වු සෙම්ස් ග්ලෝබල් යු.එස්.ඒ. ආයතනය වෘත්තීය බහුජාතික ප්‍රදර්ශන සහ සම්මේලන සංවිධානයකි. 1992 දී පිහිටුවනු ලැබු මහද්වීප හතරක් පුරා සිය මෙහෙයුම් කර ඇති මේ ආයතනය වසර 32කට වැඩිකාලයක් තුල වෙළෙඳ හා ආර්ථිකයේ වැදගත් ව්‍යාපාරික අංශ සඳහා වෘත්තීය බි2බි වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කරයි.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කිංස්ලි බර්නාඩ්, ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ සභාපති සයිෆ් ජැෆර්ජි සහ ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික ලියනහේවගේ මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.
ඡායාරූපය – නිශ්ශංක විජේරත්න