ලේක්හවුස් ආයතනයයේ හිටපු සභාපතිවරයකුද වූ ප්‍රවීණ මාධ්‍යවේදි ලූෂන් රාජකරුණානායක මහතා (85) පෙරේදා (29) අභාවප්‍රාප්ත විය.
පත්‍රයෙන් හැටේ දශකයේදී පුවත්පත් කලාවට පිවිසි ලූෂන් රාජකරුණානායක මහතා ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෘත්තීය ජීවිතයේ කටයුතු කළ අතර, ප්‍රවීණ තීරුලිපි රචකයෙක්ද විය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක්ද වූ ඔහු විසින් ලියන ලද තීරු ලිපි The Island, Daily News ඇතුළු පුවත්පත් ගණනාවක පළ වූ අතර ඒවා පාඨකයන් අතර ඉමහත් ප්‍රසාදයට ලක් විය. ඇලෝයි රත්නායක මහතාගෙන් පසු 2000 වසරේ ජූලි මස 03 වැනිදා ලේක්හවුස් ආයතනයේ සභාපති ධුරයට පත් වූ ලූෂන් රාජකරුණානායක මහතා 2001 දෙසැම්බර් 21 දා තෙක් ඒ තනතුර දැරීය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ ජනාධිපති කාර්යාලයේ පර්යේෂණ සහ විශ්ලේෂණ අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කළ ලූෂන් මහතා මෑතක් වන තුරුම ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකම සංස්කරණ කටයුතුවලටද දායක විය.
දේහය අවසන් ගෞරව සඳහා බොරැල්ලේ ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (3) ඉරිදා පස්වරු 3.00ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.