අධ්‍යාපනයේ වෙනසක් කරන්න කටයුතු කරන සෑම අවස්ථාවකම මහපාරට බැස උද්ඝෝෂණය කරන විප්ලවවාදීන්ගේ ළමයින් ඉගෙනුම ලබන්නේ ජාත්‍යන්තර පාසල් හා විශ්වවිද්‍යාලවල බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුහු විප්ලවාදීන්ගේ බොරුවලට නොරැවටෙන ලෙසත් මෝඩ නොවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂ නායකවරයා මිහින්තලය සිවලාකුලම සිවලි මහා විද්‍යාලයේදී පැවැසිය.
සක්වළ සුහුරු පන්ති කාමර පිරිනැමීමේ වැඩසටහනේ 112 වැනි අදියර යටතේ මිහින්තලය සිවලාකුලම සීවලී මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ප්රදානය මෙහිදි සිදු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සමාන අධ්‍යාපන අයිතිවාසිකම් තිබිය යුතු වුවත් ඒ සඳහා අධ්‍යපනය නවීකරණය විය යුතු බවයි. විප්ලවවාදින් ඊට විරුද්ධ වන්නේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සම වීමට ඇති අකැමැත්ත නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.