Home » මහ පාරේ විප්ල­ව­වා­දීන්ගේ ළමයින් යන්නේ ඉන්ට­නැ­ෂ­නල්

මහ පාරේ විප්ල­ව­වා­දීන්ගේ ළමයින් යන්නේ ඉන්ට­නැ­ෂ­නල්

by damith
March 2, 2024 1:11 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

අධ්‍යා­ප­නයේ වෙන­සක් කරන්න කට­යුතු කරන සෑම අව­ස්ථා­ව­කම මහ­පා­රට බැස උද්ඝෝ­ෂ­ණය කරන විප්ල­ව­වා­දීන්ගේ ළම­යින් ඉගෙ­නුම ලබන්නේ ජාත්‍ය­න්තර පාසල් හා විශ්ව­වි­ද්‍යා­ල­වල බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

පුහු විප්ල­වා­දීන්ගේ බොරු­ව­ලට නොරැ­ව­ටෙන ලෙසත් මෝඩ නොවන ලෙසත් ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂ නාය­ක­ව­රයා මිහි­න්ත­ලය සිව­ලා­කු­ලම සිවලි මහා විද්‍යා­ල­යේදී පැවැ­සිය.

සක්වළ සුහුරු පන්ති කාමර පිරි­නැ­මීමේ වැඩ­ස­ට­හනේ 112 වැනි අදි­යර යටතේ මිහි­න්ත­ලය සිව­ලා­කු­ලම සීවලී මහා විද්‍යා­ල­යට රුපි­යල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උප­ක­රණ ප්‍රදා­නය මෙහිදි සිදු කෙරිණි. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් සජිත් ප්‍රේම­දාස මහතා පැව­සුවේ සමාන අධ්‍යා­පන අයි­ති­වා­සි­කම් තිබිය යුතු වුවත් ඒ සඳහා අධ්‍ය­ප­නය නවී­ක­ර­ණය විය යුතු බවයි. විප්ල­ව­වා­දින් ඊට විරුද්ධ වන්නේ තමන්ගේ දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට සම වීමට ඇති අකැ­මැත්ත නිසා බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සු­වේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT