Saturday, May 10, 2025
Home » 2020න් පසු ඉහ­ළම සංචා­රක ඉපැ­යීම් ජන­වා­රි­යේදී

2020න් පසු ඉහ­ළම සංචා­රක ඉපැ­යීම් ජන­වා­රි­යේදී

by damith
March 2, 2024 1:10 am 0 comment

ජය­සිරි මුණ­සිංහ

වසර 2020 ජන­වා­රි­යෙන් පසු මාස­ය­කදී වාර්තා වූ ඉහ­ළම සංචා­රක ඉපැ­යීම් අගය මේ වසරේ ජන­වා­රි­යේදී වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසර 2023 ජන­වාරි මාස­යේදී වාර්තා කළ සංචා­රක ඉපැ­යීම් අගය එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 154කි. එය මේ වසරේ ජන­වා­රි­යේදී එ.ජ.ඩො. මිලි­යන 342 කි. එය පෙර වස­රට වඩා 122.7%ක වර්ධ­න­යක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේ­ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

මේ වසරේ ජන­වාරි මාසයේ විදේශ අංශයේ ක්‍රියා­කා­රී­ත්වය පිළි­බඳ කරුණු දක්ව­මින් මහ බැංකුව එසේ කියා සිටියි. ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය ඇස්ත­මේන්තු කළ ඩොලර් මිලි­යන 269ක සංචා­රක ඉපැ­යීම් ප්‍රමා­ණය අභි­බවා මේ වසරේ ජන­වා­රි­යේදී ඩොලර් මිලි­යන 342ක් ලැබීම විශේෂ කරු­ණක් ලෙස සඳ­හන් කළ හැකි බවද මහ බැංකුව කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT