අවේලාවේ නිකරුණේ ආපණශාලාවේ රැඳී සිටි පාදුක්කේ පාසලක 10 වැනි ශ්‍රේණියේ සිසුන් 7 දෙනකුට අංශභාර ගුරුවරයකු විසින් කොහුමිටකින් කළ පහර දීමකින් සිසුන් තිදෙනකු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගන්නා බව පොලිසිය කියයි.
මේ පහර දීම සිදුව ඇත්තේ පෙරේදා (29) බව පොලිසිය සඳහන් කරයි.
රෝහල්ගතව සිටින සිසුන් අතුරින් එක් සිසුවකුට පමණක් තදබල ලෙස කොසු මිට පහරවල් වැදී ඇති බවත් එම පහර දීම බරපතළ තත්ත්වයේ නැති බව රෝහලින් කළ විමසුමකදී සඳහන් කළ බවත් උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
මේ පහර දීමට සම්බන්ධ ගුරුවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස තුවාල ලැබූ සිසුන්ගේ මවුපියන්ගෙන් පොලිසියට දැඩි බලපෑමක් එල්ල වන බවද එම උසස් නිලධාරියා පැවසීය.
පාසලේ පරිපාලනය සම්බන්ධයෙන් අභ්‍යන්තර ගැටුමක් ඇති බවත් මේ මොහොතේ මවුපියන් කලබල කිරීම් පිටුපස යම් බලවේගයන් සිටින බවත් විමර්ශනයේදී පෙනී ගිය බව එම නිලධාරියා සඳහන් කළේය.
මේ පහර දීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පොලිසිය පාර්ශ්වයෙන් සිදු වන බවත්, පහර දීම සම්බන්ධයෙන් පැමිණිලි පොලිසියට ලැබී ඇති බවත් පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා දිනමිණ කළ විමසුමකදී සඳහන් කළේය.