Home » අවේ­ලාවේ කැන්ටින් ගියැයි ගුරු­ව­ර­යකු සිසුන් 7කට කොහු­මි­ට­කින් තළලා

අවේ­ලාවේ කැන්ටින් ගියැයි ගුරු­ව­ර­යකු සිසුන් 7කට කොහු­මි­ට­කින් තළලා

තිදෙ­නෙක් පාදුක්ක රෝහලේ

by damith
March 2, 2024 1:10 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ, මීගොඩ - බී.කේ. කත්‍රි­ආ­රච්චි

අවේ­ලාවේ නික­රුණේ ආප­ණ­ශා­ලාවේ රැඳී සිටි පාදුක්කේ පාස­ලක 10 වැනි ශ්‍රේණියේ සිසුන් 7 දෙන­කුට අංශ­භාර ගුරු­ව­ර­යකු විසින් කොහු­මි­ට­කින් කළ පහර දීම­කින් සිසුන් තිදෙ­නකු පාදුක්ක ප්‍රාදේ­ශීය රෝහ­ලට ඇතු­ළත්ව ප්‍රති­කාර ගන්නා බව පොලි­සිය කියයි.

මේ පහර දීම සිදුව ඇත්තේ පෙරේදා (29) බව පොලි­සිය සඳ­හන් කරයි.

රෝහ­ල්ග­තව සිටින සිසුන් අතු­රින් එක් සිසු­ව­කුට පම­ණක් තද­බල ලෙස කොසු මිට පහ­ර­වල් වැදී ඇති බවත් එම පහර දීම බර­ප­තළ තත්ත්වයේ නැති බව රෝහ­ලින් කළ විම­සු­ම­කදී සඳ­හන් කළ බවත් උසස් පොලිස් නිල­ධා­රි­යකු සඳ­හන් කළේය.

මේ පහර දීමට සම්බන්ධ ගුරු­ව­ර­යාව අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස තුවාල ලැබූ සිසුන්ගේ මවු­පි­ය­න්ගෙන් පොලි­සි­යට දැඩි බල­පෑ­මක් එල්ල වන බවද එම උසස් නිල­ධා­රියා පැව­සීය.

පාසලේ පරි­පා­ල­නය සම්බ­න්ධ­යෙන් අභ්‍ය­න්තර ගැටු­මක් ඇති බවත් මේ මොහොතේ මවු­පි­යන් කල­බල කිරීම් පිටු­පස යම් බල­වේ­ග­යන් සිටින බවත් විම­ර්ශ­න­යේදී පෙනී ගිය බව එම නිල­ධා­රියා සඳ­හන් කළේය.

මේ පහර දීම සම්බ­න්ධ­යෙන් විධි­මත් විම­ර්ශ­න­යක් පොලි­සිය පාර්ශ්ව­යෙන් සිදු වන බවත්, පහර දීම සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි පොලි­සි­යට ලැබී ඇති බවත් පාදුක්ක පොලි­සියේ ස්ථානා­ධි­ප­ති­ව­රයා දින­මිණ කළ විම­සු­ම­කදී සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT