Home » කුමා­ර­තුංග මුනි­දාස 80 වැනි සම­රුව ජාතික සිංහල භාෂා දින සැම­රුම අද

කුමා­ර­තුංග මුනි­දාස 80 වැනි සම­රුව ජාතික සිංහල භාෂා දින සැම­රුම අද

by damith
March 2, 2024 1:08 am 0 comment

සිංහල භාෂාවේ උන්න­තියට අනු­ප­මේය සේවා­වක් ඉටු කළ කුමා­ර­තුංග මුනි­දාස විද්ව­තා­ණන් වියෝ වී 80 වස­රක් සපි­රීම නිමි­ත්තෙන් විශේෂ සමරු උලෙ­ළක් අද (2) ප.ව. 3.00 සිට කොළඹ 7 විජේ­රාම මාවතේ සව්සි­රි­පා­යේදී පැවැත්වේ.

කුමා­ර­තුං­ග­යන් විසින් 1941 වස­රේදී පිහි­ටු­වන ලද ‘හෙළ හවුල’ සංවි­ධා­නයේ වර්ත­මාන නායක ශ්‍රීනාත් ගණේ­වත්ත මහතා මුල­සුන හොබ­වන මේ උත්සව සභා­වේදී කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යයේ වාග්විද්‍යා අධ්‍ය­ය­නාං­ශයේ විශ්‍රා­මික මහා­චාර්ය අශෝක ප්‍රේම­රත්න, ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා, චීනයේ යුන්නන් මින්ත්සු විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල භාෂා මහා­චාර්ය හාඔ වෙයි මින් යන විද්ව­තුන් සමරු දේශන පව­ත්වන අතර, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සමරු ගී ගාය­න­යට එක් වෙති. වාර්ෂි­කව පාණ­දුර ගොර­කානේ කුමා­ර­තුංග ස්මාර­කය අබි­ය­සදී සිදු කෙරෙන ආග­මික වතා­වත් සහිත උප­හා­රය පැවැ­ත්වෙන්නේ පෙ.ව. 8.30ටය.

මේ අතර අදට (2) යෙදෙන ජාතික සිංහල භාෂා දිනය නිමි­ත්තෙන් විශේෂ උත්ස­ව­යක් අද පෙ.ව. 10.30 සිට වැල්ල­වත්ත ඩබ්ල්යූ.ඒ. සිල්වා මාවතේ අංක 126 පිහිටි ඩබ්ල්යූ.ඒ. සිල්වා කෞතු­කා­ගා­ර­යේදී පැවැ­ත්වෙන අතර, කුමා­ර­තුංග මුනි­දාස මහතා විසින් හඳුන්වා දෙන ලද ‘තරු අකුරු මාලාව’ විම­ස­මින් හෙළ හවුලේ නායක ශ්‍රීනාත් ගණේ­වත්ත මහතා විසින් පව­ත්වනු ලබන දේශ­න­ය­කින්ද සිංහල යුනි­කෝඩ් අක්ෂර මාලාව සහ සිංහල අකුරු නිර්මා­ණ­ක­ර­ණය පිළි­බඳ අකුරු නිර්මා­ණ­ක­රු­වන් හා ග්රැෆික් නිර්මාණ කරු­වන් එක්ව කරන සංවා­ද­ය­කින් එය සම­න්විත වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT