සිංහල භාෂාවේ උන්නතියට අනුපමේය සේවාවක් ඉටු කළ කුමාරතුංග මුනිදාස විද්වතාණන් වියෝ වී 80 වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු උලෙළක් අද (2) ප.ව. 3.00 සිට කොළඹ 7 විජේරාම මාවතේ සව්සිරිපායේදී පැවැත්වේ.
කුමාරතුංගයන් විසින් 1941 වසරේදී පිහිටුවන ලද ‘හෙළ හවුල’ සංවිධානයේ වර්තමාන නායක ශ්‍රීනාත් ගණේවත්ත මහතා මුලසුන හොබවන මේ උත්සව සභාවේදී කැලණිය විශ්වවිද්‍යාලයයේ වාග්විද්‍යා අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්ය අශෝක ප්‍රේමරත්න, ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා, චීනයේ යුන්නන් මින්ත්සු විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා මහාචාර්ය හාඔ වෙයි මින් යන විද්වතුන් සමරු දේශන පවත්වන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සමරු ගී ගායනයට එක් වෙති. වාර්ෂිකව පාණදුර ගොරකානේ කුමාරතුංග ස්මාරකය අබියසදී සිදු කෙරෙන ආගමික වතාවත් සහිත උපහාරය පැවැත්වෙන්නේ පෙ.ව. 8.30ටය.
මේ අතර අදට (2) යෙදෙන ජාතික සිංහල භාෂා දිනය නිමිත්තෙන් විශේෂ උත්සවයක් අද පෙ.ව. 10.30 සිට වැල්ලවත්ත ඩබ්ල්යූ.ඒ. සිල්වා මාවතේ අංක 126 පිහිටි ඩබ්ල්යූ.ඒ. සිල්වා කෞතුකාගාරයේදී පැවැත්වෙන අතර, කුමාරතුංග මුනිදාස මහතා විසින් හඳුන්වා දෙන ලද ‘තරු අකුරු මාලාව’ විමසමින් හෙළ හවුලේ නායක ශ්‍රීනාත් ගණේවත්ත මහතා විසින් පවත්වනු ලබන දේශනයකින්ද සිංහල යුනිකෝඩ් අක්ෂර මාලාව සහ සිංහල අකුරු නිර්මාණකරණය පිළිබඳ අකුරු නිර්මාණකරුවන් හා ග්‍රැෆික් නිර්මාණ කරුවන් එක්ව කරන සංවාදයකින් එය සමන්විත වේ.