Saturday, May 10, 2025
Home » වැඩිම වී අස්වැන්න උඩ­ව­ල­වෙන්

වැඩිම වී අස්වැන්න උඩ­ව­ල­වෙන්

by damith
March 2, 2024 1:07 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩ­ව­ලව කලා­ප­යට අයත් කුඹු­රු­ව­ලින් වාර්තා වී ඇතැයි කෘෂි­කර්ම අමා­ත්‍යාංශ වාර්තා සඳ­හන් කරයි.

ඇතැම් කුඹු­රු­වල හෙක්ට­යාර් එක­කට වී අස්වැන්න මෙට්‍රික් ටොන් 12 ඉක්මවා ඇති බවත් මෙවර මහ කන්නයේ වී වගාව මඟින් ලැබිය හැකි අස්වැන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36 ඉක්ම­වනු ඇති බවත් කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැ­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එම අමා­ත්‍යාං­ශ­යේදී පැවැති භෝග­නා­ය­ක­ව­රුන්ගේ රැස්වී­මේදී අනා­ව­ර­ණය වී තිබේ. දැනට සිදු කර ඇති අස්වනු පුරෝ­ක­ථන පරී­ක්ෂණ අනුව මේ කරුණු හෙළි වී ඇත.

පසු­ගිය යල කන්නයේ පැවති දීර්ඝ නිය­ඟය හේතු­වෙන් වැඩිම වගා හානි වාර්තා වූ උඩ­ව­ලව කලා­පයේ කුඹු­රු­ව­ලින් මෙවර වැඩිම වී අස්වැන්න වාර්තා වී තිබීම විශේෂ සිදු­වී­මකි. මෙවර මහ කන්නයේ එක­දි­ගට මාස හත­ර­හ­මා­රක පමණ කාල­යක් පැවති මහ වැස්ස හේතු­වෙන් අක්කර 100,000ක වී වගාව විනාශ වී තිබු තත්ත්ව­යක මෙවැනි අස්වැ­න්නක් ලැබීම සම්බ­න්ධ­යෙන් රටේ ගොවි­ජ­න­තා­වට සමස්ත ජන­තා­වගේ කෘත­ඥ­තාව පළ විය යුතු බව ඇමැති අම­ර­වීර මහතා මේ රැස්වී­මේදී අව­ධා­ර­ණය කළේය. එමෙන්ම වැඩිම අස්වනු පසු­හා­නි­යද මෙවර වාර්තා වී තිබේ. විශේ­ෂ­යෙන් අස්වනු නෙළීමේ ප්‍රමා­දය නිසා සමස්ත වී අස්වැ­න්නෙන් 10% සිට 15% දක්වා ප්‍රමා­ණ­යක් පසු අස්වනු නාස්ති­යට ලක් වී ඇත. ඇතැම් ප්‍රදේ­ශ­වල පසු අස්වනු නාස්තිය 25% දක්වා ඉහළ මට්ට­මක පවතී. මේ පසු අස්වනු නාස්තිය හේතු­වෙන් අවම වශ­යෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක පමණ නාස්ති­යක් සිදු වී තිබෙන බව කෘෂි­කා­ර්මික අංශ අව­ධා­ර­ණය කර ඇතැ­යිද ඇමැ­ති­ව­රයා මෙහිදී පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT