Home » මධු­ස­ම­යට යමින් සිටි යුව­ළට රිය අන­තු­ර­කින් බර­ප­තළ තුවාල

මධු­ස­ම­යට යමින් සිටි යුව­ළට රිය අන­තු­ර­කින් බර­ප­තළ තුවාල

by damith
March 2, 2024 1:07 am 0 comment

නව­ග­මුව සමූහ - සුගත් ප්‍රේම­ති­ලක

කඩු­වෙල කොත­ලා­වල ප්‍රදේ­ශයේ උත්සව ශාලා­වක පැවති විවාහ මංග­ල්‍ය­ය­කින් අන­තු­රුව මධු­ස­මය ගත කිරීම සඳහා පිටත්ව යමින් සිටි මනාල යුව­ළක් රැගත් ඩිෆෙ­න්ඩර් වර්ගයේ රථ­යක් කඩු­වෙල නගර සභාව අස­ලදී වෑන් රථ­යක සහ යතු­රු­පැ­දි­යක හැපී­මෙන් බර­ප­තළ තුවාල ලැබූ මනාල යුවළ සහ තවත් දෙදෙ­නකු ඊයේ (1) සවස රෝහ­ල්ගත කොට තිබේ.

තුවා­ල­ක­රු­වන් පළ­මුව නෙවිල් ප්‍රනාන්දු රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබ ඇති අතර, ඉන් පසු කොළඹ ජාතික රෝහ­ලට ගෙනෙනු ලැබ ඇත. අන­තු­රත් සමඟ ඩිෆෙ­න්ඩර් රථයේ දොර ඇරී මනාල යුවළ පිට­තට විසි වී ඇති අතර, ඒ සම­ඟම ඩිෆෙ­න්ඩ­රය රියැ­දුරා විසින් වේග­යෙන් ඉදි­රි­යට පදවා තිබේ. එවිට මනාල යුවළ ඩිෆෙ­න්ඩ­ර­යට යට වී තිබේ. එම යුව­ළගේ තත්ත්වය බර­ප­තළ බව රෝහල් ආරංචි මාර්ග පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT