කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති විවාහ මංගල්‍යයකින් අනතුරුව මධුසමය ගත කිරීම සඳහා පිටත්ව යමින් සිටි මනාල යුවළක් රැගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් කඩුවෙල නගර සභාව අසලදී වෑන් රථයක සහ යතුරුපැදියක හැපීමෙන් බරපතළ තුවාල ලැබූ මනාල යුවළ සහ තවත් දෙදෙනකු ඊයේ (1) සවස රෝහල්ගත කොට තිබේ.
තුවාලකරුවන් පළමුව නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර, ඉන් පසු කොළඹ ජාතික රෝහලට ගෙනෙනු ලැබ ඇත. අනතුරත් සමඟ ඩිෆෙන්ඩර් රථයේ දොර ඇරී මනාල යුවළ පිටතට විසි වී ඇති අතර, ඒ සමඟම ඩිෆෙන්ඩරය රියැදුරා විසින් වේගයෙන් ඉදිරියට පදවා තිබේ. එවිට මනාල යුවළ ඩිෆෙන්ඩරයට යට වී තිබේ. එම යුවළගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.