Saturday, May 10, 2025
Home » නාවික-STF මෙහෙ­යු­ම­කදී ඉලු­ප්ප­ක­ඩ­වෙයි කැලෑ­ව­කින් මත්පෙති 53,000ක් සොයා­ගනී

නාවික-STF මෙහෙ­යු­ම­කදී ඉලු­ප්ප­ක­ඩ­වෙයි කැලෑ­ව­කින් මත්පෙති 53,000ක් සොයා­ගනී

by damith
March 2, 2024 1:20 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

ශ්‍රී ලංකා නාවික හමු­දාව සහ පොලිස් විශේෂ කාර්ය බළ­කාය එක්ව සිදු කළ මෙහෙ­යු­ම­කදී මන්නා­රම ඉලු­ප්ප­ක­ඩ­වෙයි වැවේ ලඳු කැලෑ­වක සඟවා තිබූ මත්පෙති 53,000ක් පෙරෙදා (29) සොයා ගෙන තිබේ.

මෙම මත්පෙ­ති­වල වටි­නා­කම රුපි­යල් ලක්ෂ හත­ළි­හක් පමණ වන බවට ගණන් බලා ඇති අතර එම මත්පෙති ඉන්දි­යා­වෙන් මන්නා­ර­මට රැගෙන එන්නට ඇති බවට විශ්වාස කරයි.

සෝදිසි මෙහෙ­යු­මක නිරත වූ නිල­ධා­රීන් ලඳු කැලෑවේ සඟවා තිබූ සැක­ක­ට­යුතු පෙට්ටි­යක් සොයා ගෙන ඇති අතර එම පෙට්ටිය තුළ මෙම මත්පෙති බහා තිබි­යදී නිල­ධා­රීන් විසින් ඒවා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

නිල­ධා­රීන් පව­සන්නේ සැක­ක­රු­වන් මෙම මත්පෙති වෙනත් පළා­ත­කට ප්‍රවා­හ­නය කිරීමේ අර­මු­ණින් ඒවා ලදු කැලෑවේ සඟවා තබ­න්නට ඇති බවයි.

මත්පෙ­ති­වල අයි­ති­කරු සෙවීම පිණි­සත් මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ සිදු කිරී­ම­ටත් අත්අ­ඩං­ගු­වට ගත් මත්පෙති තොගය නාවික හමු­දාව හා පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් විසින් ඉලු­ප්ප­ක­ඩ­වෙයි පොලි­සි­යට භාර දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT