Sunday, May 11, 2025
Home » වෙළෙඳ සේවා ක්‍රිකට් සමඟ ශ්‍රී ලංකා ඉන්ෂු­වරන්ස් එක් වෙයි

වෙළෙඳ සේවා ක්‍රිකට් සමඟ ශ්‍රී ලංකා ඉන්ෂු­වරන්ස් එක් වෙයි

by damith
March 2, 2024 1:14 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් කෝප­රේ­ෂන් ජෙන­රල් ලිමි­ටඩ් ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරී ප්‍රියන්ත පෙරේරා මහතා විසින් වෙ‍ෙළඳ සේවා ක්‍රිකට් සංග­මයේ සභා­පති මහේෂ් ද අල්විස් මහතා වෙත අනු­ග්‍රා­හ­ක­ත්වය පිරි­න­ම­මින්

ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් කෝප­රේ­ෂන් ජෙන­රල් ලිමි­ටඩ් සහ වෙළඳ සේවා ක්‍රිකට් සංග­මය උපා­ය­මා­ර්ගික සහ­යෝ­ගි­තා­වක් සඳහා එක්ව තිබේ.

මේ අනුව වස­රක කාල­යක් සඳහා වෙ‍ෙළඳ සේවා ක්‍රිකට් සංග­මයේ නිල රක්ෂණ සහ­කරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් කෝප­රේ­ෂන් ජෙන­රල් ලිමි­ටඩ් කට­යුතු කරන අතර, මේ සහ­යෝ­ගි­තාව යටතේ වෙ‍ෙළඳ සේවා ක්‍රිකට් සංග­මයේ සාමා­ජි­ක­යන්ට විශේෂ මෝටර් රථ­වා­හන රක්ෂණ පැකේ­ජ­යක් හිමි වේ. වස­රක කාල­යක් සඳහා වලංගු මෙම පැකේ­ජය මඟින් එම සාමා­ජි­ක­යන්ට විශේෂ ප්‍රති­ලාභ සහ වට්ටම් රැසක් හිමි වනු ඇත.

මේ සහ­යෝ­ගි­තාව නිවේ­ද­නය කිරීමේ අව­ස්ථා­වට වෙළෙඳ සේවා ක්‍රිකට් සංග­මයේ සභා­පති මහේෂ් ද අල්විස්, ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් කෝප­රේ­ෂන් ජෙන­රල් ලිමි­ටඩ් ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරී ප්‍රියන්ත පෙරේරා, එහි සහ­කාර සාමා­න්‍යා­ධි­කාරී (ආය­ත­නික ව්‍යාපාර සහ අලෙවි) මහේෂ් ගමගේ, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී (සහය සේවා) චමින්ද ගුණ­සිංහ, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී, බෙදා­හැ­රීම් ප්‍රධානී ලලිත් ද සිල්වා, වෙළෙඳ සේවා ක්‍රිකට් සංග­මයේ ප්‍රධාන ලේකම් රොහාන් සෝම­වංස සහ අනු­ග්‍රා­හ­කත්ව කමිටු සභා­පති හසිත දස­නා­යක යන මහ­ත්වරු ඇතුළු පිරි­සක් එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT