ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය උපායමාර්ගික සහයෝගිතාවක් සඳහා එක්ව තිබේ.
මේ අනුව වසරක කාලයක් සඳහා වෙෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ නිල රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් කටයුතු කරන අතර, මේ සහයෝගිතාව යටතේ වෙෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සාමාජිකයන්ට විශේෂ මෝටර් රථවාහන රක්ෂණ පැකේජයක් හිමි වේ. වසරක කාලයක් සඳහා වලංගු මෙම පැකේජය මඟින් එම සාමාජිකයන්ට විශේෂ ප්රතිලාභ සහ වට්ටම් රැසක් හිමි වනු ඇත.
මේ සහයෝගිතාව නිවේදනය කිරීමේ අවස්ථාවට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත පෙරේරා, එහි සහකාර සාමාන්‍යාධිකාරී (ආයතනික ව්‍යාපාර සහ අලෙවි) මහේෂ් ගමගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සහය සේවා) චමින්ද ගුණසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, බෙදාහැරීම් ප්‍රධානී ලලිත් ද සිල්වා, වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ ප්‍රධාන ලේකම් රොහාන් සෝමවංස සහ අනුග්‍රාහකත්ව කමිටු සභාපති හසිත දසනායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.