Saturday, May 10, 2025
Home » ඔස්ට්‍රේ­ලි­යාව ලකුණු 217ක් ඉදි­රි­යෙන්

ඔස්ට්‍රේ­ලි­යාව ලකුණු 217ක් ඉදි­රි­යෙන්

by damith
March 2, 2024 1:14 am 0 comment

නව­සී­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යම සමඟ පැවැ­ත්වෙන පළමු ටෙස්ට් තර­ගයේ දෙවැනි දිනය නිමා වන විට ලකුණු 217කින් පෙර­මුණ ගැනී­මට සංචා­රක ඔස්ට්‍රේ­ලි­යානු පිල සමත්ව සිටී.

වෙලිං­ට­න්හිදී පැවැ­ත්වෙන තර­ගය දෙවැනි දින­යට නතර කරන විට ඔස්ට්‍රේ­ලි­යාව දෙවැනි ඉනිම වෙනු­වෙන් කඩුලු 2ක් දැවී ලකුණු 13ක් රැස් කර තිබූ අතර, ඔවු­නට පළමු ඉනි­මේදී ලකුණු 204ක වාසි­යක් අත්ව තිබිණි.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ඔස්ට්‍රේ­ලි­යාව පළමු ඉනි­මට ලකුණු 383ක් රැස් කළ අතර, පිළි­තුරු ලෙස නව­සී­ල­න්ත­යට පළමු ඉනිම වෙනු­වෙන් රැස් කළ හැකි වූයේ ලකුණු 179ක් පමණි.

ඊයේ දිවා විවේ­ක­යෙන් පසු පන්දු­වට පහර දීමට පිටි­යට පිවිසි නව­සී­ලන්ත පිලේ මුල් පෙළ පිති­ක­රු­වන් 5 දෙනකු සවස තේ පාන­ය­ටත් පෙර යළි ක්‍රීඩා­ගා­ර­යට හරවා යැවී­මට ඔස්ට්‍රේ­ලි­යානු පන්දු යවන්නෝ සමත් වූහ.

ලකුණු 29ක් වෙද්දී නව­සී­ලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ල බිඳ වැටුණු අතර, 6 වැනි කඩු­ල්ලට ලකුණු 84ක් එක් කිරී­මට ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ ග්ලේන් පිලිප්ස් සහ ටොම් බ්ලන්ඩල් සමත් වූහ. පිලිප්ස් ලකුණු 71ක් රැස් කළ අතර, ටොම් ලකුණු 33කට දැවී ගියේය. පන්දු යැවී­මේදී නෙදන් ලයන් කඩුලු 4ක් සහ ජොෂ් හේස්ල්වුඩ් කඩුලු 2ක් දවා ගත්හ.

පළමු දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 279ක් රැස් කර සිටි ඔස්ට්‍රේ­ලි­යානු ඉනිම ලකුණු 383 දක්වා ඉදි­රි­යට ගෙන යෑමට කැම­රන් ග්‍රීන් සමත් විය.

පළමු දිනයේ නොදැවී ලකුණු 103ක් රැස් කර සිටි ග්‍රීන් ඊයේ සිය හොඳම ටෙස්ට් ඉනිම වාර්තා කළේ නොදැවී ලකුණු 174ක් රැස් කර­මිනි. පන්දු 275කදී හතරේ පහර 23කින් සහ හයේ පහර 5කින් ඉනිම වර්ණ­වත් කර­ගත් ග්‍රීන් අව­සන් කඩු­ල්ලට ජොෂ් හේස්ල්වුඩ් (22) සමඟ එක්ව ලකුණු 116ක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟී­මට සමත් විය.

අද තර­ගයේ තෙවැනි දින­යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT