Home » කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මිය යයි

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මිය යයි

by chanaka
March 4, 2024 12:03 pm 0 comment

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, තලගහහේන පටුමඟ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රභාත් චාමර සම්පත් නැමති 37 හැවිරිදි අයෙකි.

අදාළ වෛද්‍යවරයාගේ බිරිඳ ද කරාපිටිය රෝහලේම සේවය කරන වෛද්‍යවරියක් බව පැවසේ.

සිදුවීම සිදුවු අවස්ථාවේදී වෛද්‍යවරිය නිවසේ සිට නොමැති අතර, මියගිය වෛද්‍යවරයාගේ දේහය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යොමුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ සිදු කරනු ලබයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT