Thursday, May 15, 2025
Home » සියපත ෆිනෑන්ස් අක්කරෙයිපත්තු නවතම ශාඛාව සමග දීප ව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් වෙයි

සියපත ෆිනෑන්ස් අක්කරෙයිපත්තු නවතම ශාඛාව සමග දීප ව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් වෙයි

by chanaka
March 4, 2024 12:32 pm 0 comment

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව අක්කරපත්තු සාගම පාරේ අංක 130 දරණ ස්ථානයේ දැන් විවෘතය.

සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 48 වැනි ශාඛාව ලෙස මෙම අක්කරපත්තු ශාඛාව සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, අම්පාර දිස්ත්‍රික් අතිරේක ලේකම් වී. ජෙගදීෂන්, අක්කරපත්තු යුධ හමුදා කඳවුරේ සිවිල් සම්බන්ධතා නිලධාරී මේජර් ජානක සුබසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

සියපත ෆිනෑන්ස් පීඑල්සී නැගෙනහිර පළාතේ සිය මූල්‍ය සේවා ව්‍යාප්ත කිරීමේ තවත් එක් පියවරක් ලෙස, අක්කරෙයිපත්තු නගරය කේන්ද්‍ර කරගනිමින් කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව වෙත කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා සැපයීම මෙම නවතම ශාඛාවේ ප්‍රධාන අරමුණ වේ. සියපත ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලයෙන් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක්‍රීය ණය, ස්ථාවර තැන්පතු, බිල්පත් ගෙවීමේ පහසුකම ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් අක්කරෙයිපත්තු ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ලබාගත හැකිය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා විසින් සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව විවෘත කළ අවස්ථාවේදී සිය අදහස් දක්වමින් “ශ්‍රී ලාංකිකයන් ආර්ථිකමය සාර්ථකත්වය කරා රැගෙන යාමේ අභිලාශය ඇතිව ආරම්භ කෙරෙන දීප ව්‍යාප්ත ශාඛා ජාලයට අලුතෙන්ම එකතු වුනේ අක්කරෙයිපත්තු ශාඛාවයි. අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වයක් ලබාදෙන විවිධ සමාජ ඒකක දෙස සැලකිල්ලෙන් බැලූවිට ඒ ඒ කණ්ඩායම් වලටම අනන්‍ය වූ සුවිශේෂී වූ මූල්‍ය අවශ්‍යතා ඇති බව අප හඳුනාගෙන තිබෙනවා. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විවිධ භාණ්ඩ හා සේවා සැපයීම වැනි එකිනෙකට වෙනස් වූ විවිධ ක්ෂේත්‍ර රැසක කටයුතු කරන වෙනස් වූත් සුවිශේෂී වූත් මූල්‍ය අවශ්‍යතා ඇති අක්කරෙයිපත්තු නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන ව්‍යවසායක ප්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා රැසක් හඳුන්වාදීම තමයි අපගේ මෙම ශාඛාවේ ප්‍රධාන අරමුණ. ආර්ථික සවිබලගැන්වීම හරහා සමස්ථ ශ්‍රී ලාංකිකයන්ට බලාපොරොත්තු සහගත සෞභාග්‍යමත් අනාගතයකට පියනගන්නට අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබාදීම වෙනුවෙන් අලුතෙන් ආරම්භ වූ මේ අක්කරෙයිපත්තු ශාඛාවත් ඇතුළුව සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලය කැපවෙනවා.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් අක්කරපත්තු ශාඛාව විවෘත කිරීමට සමගාමීව, තිරසර හෙට දවසක් උදෙසා ශාක 10, 000 කට අධික ප්‍රමාණයක් මෙරටට දායාද කිරීමෙහිලා දියත් කළ “සියපතෙන් මිහිකතට” සමාජ සත්කාරක ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස අක්කරපත්තු කොලාවිල් විනායගර් මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් රුක් රෝපණ වැඩසටහනක්ද පැවැත්වුණි.

පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 2005 වසරේ අරඹා ගතවූ වසර 18 ක කාලය ඇතුලත ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍යකරණයෙන් පිරිපුන් මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, කෘෂිකර්මාන්තයේ නියැලි ගොවීන්, වගාකරුවන් මෙන්ම කෘෂිකර්මාන්තය හා සබැඳි ව්‍යවසායකයන් සහ ධීවර කර්මාන්තයේ නියැලී සිටින්නන් ද යනාදී වශයෙන් දිරියෙන් නැගී සිටින්නට වෙර දරන ශ්‍රී ලාංකිකයන් සවිබල ගන්වමිනි.

අක්කරෙයිපත්තුව සාගම පාරේ අංක 130 දරණ ස්ථානයේ පිහිටි සියපත ෆිනෑන්ස් ශාඛාව වෙත පිවිස හෝ 0677 605 655 අංකයෙන් සේවා පිළිබඳ විමසිය හැකි අතර සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් පිරිනමන මූල්‍ය සේවාවන් පිළිබඳ වැඩිදුර දැනුවත් වීම සඳහා www.siyapatha.lk වෙත පිවිසෙන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT