Home » තැන්නේකුඹුර ඔරලෝසු කණුවේ දිසා හතරට වේලා හතරක්

තැන්නේකුඹුර ඔරලෝසු කණුවේ දිසා හතරට වේලා හතරක්

by sachintha
March 4, 2024 1:10 am 0 comment

ලෝක උරුම මහනුවර නගරයට ඇතුළු වන දොරටුව වන තැන්නේකුඹුර පාලම අසල පිහිටි ගම්උදා සමයේදී ඉදි කළ හෝරාස්තම්භයේ දිසා හතරේ හතර ආකාරයෙන් වේලාව සටහන්ව ඇත.

ප්‍රදේශ රැසක විශාල ජනතාවක් මෙම ස්ථානය පසු කරමින් එදිනෙදා ගමන් බිමන් ගියද මෙස හෝරා ස්තම්භයේ වේලාව මෙතෙක් නිවැරදි කිරීමක් කර නැතැයි ජනතාව පවසති. මෙම හෝරාස්තම්භයේ මෙන්ම පල්ලේකැලේ ගම්උදා බිමෙහි පිහිටි හෝරාස්තම්භය, තෙල්දෙණිය නගරයේ පිහිටි හෝරාස්තම්භය, හුන්නස්ගිරිය හා හසලක යන නගරවල පිහිටි හෝරාස්තම්භවලත් නිවැරදි වේලාවන් සටහන් නොවීම නිසා එම නගරවලට යන එන මහජනතාව දැඩි අපහසුතාවකට මුහුණ පා සිටිති.

මහජනතාව විමසා සිටින්නේ මෙම හෝරාස්තමිභවල වේලාව නිවැරදි කිරිමට අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ක්‍රියා නොකරන්නේ මන්දැයි කියාය.

කරල්ලියද්ද සමූහ

කේ. විජේසිරි නිශ්ශංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT