Thursday, May 15, 2025
Home » කපමින් සිටි පස් කන්දට යට වුණු බැකෝ ක්‍රියාකරු හා ගෝලයා බේරා ගනී

කපමින් සිටි පස් කන්දට යට වුණු බැකෝ ක්‍රියාකරු හා ගෝලයා බේරා ගනී

by sachintha
March 4, 2024 1:18 am 0 comment

පස් කපද්දී උඩ සිට විශාල පස් කන්දක් ඇවිත්

තුවාලකරුවන්ට බරපතළයි

බළන්ගොඩ හපුගහකුඹුර ප්‍රදේශයේ ගෙවත්තක පස් කපමින් සිටි බැකෝ යන්ත්‍රයක් මතට පසුගිය 2 වැනිදා දහවල් ඉහළ සිට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරු සහ ඔහුට සහාය වෙමින් සිටි පුද්ගලයකු පස් කන්දට යට වී බරපතළ තුවාල ලබා සිටියදී ගම්වාසීන් විසින් බේරාගෙන බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බළන්ගොඩ පොලිසිය සඳහන් කළේය.

බරපතළ තුවාල ලැබූ බැකෝ යන්ත්‍ර කියාකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මාරු කර යවා තිබේ. අනතුරින් බැකෝ යන්ත්‍රය මුළුමනින්ම පස්වලින් යට වී ඇති අතර, ගම්වාසීන් වහාම පස් ඉවත් කර තුවාලකරුවන් දෙදෙනා රෝහල්ගත කර තිබිණ. තුවාල වූ පුද්ගලයන් දෙදෙනා කරවටක් පමණ පස්වලට යටව සිටි බව ගම්වාසීහු පැවසූහ.

කහවත්ත – නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT