Thursday, May 15, 2025
Home » බීමතින් වධ දුන් සැමියාට බිරියගෙන් මැරෙන්නම පොරෝ පහර පොලිසිය මැදිහත් වී කලිනුත් පවුල් ප්‍රශ්න විසඳලා ඝාතනයෙන් පසු බිරිය පොලිසියට බාර වෙයි

බීමතින් වධ දුන් සැමියාට බිරියගෙන් මැරෙන්නම පොරෝ පහර පොලිසිය මැදිහත් වී කලිනුත් පවුල් ප්‍රශ්න විසඳලා ඝාතනයෙන් පසු බිරිය පොලිසියට බාර වෙයි

by sachintha
March 4, 2024 2:26 am 0 comment

පවුල් ආරාවුලක් දුරදිග යෑමෙන් බිරිය විසින් සැමියාට කැත්තකින් පහර දී ඝාතනය කරනු ලැබ ඇති බව කරන්දෙණිය පොලිසිය පැවසීය.

කරන්දෙණිය පොලිස් වසමේ අංක 2 පාර, ගුරුබැබිල කරන්දෙණිය ප්‍රදේශයේ නිවෙසක් තුළදී ඊයේ (3) අලුයම 1.00ට පමණ මෙම ඝාතනය සිදු කර ඇත. මෙම පුරුෂයයා බීමත්ව නිවෙසට පැමිණ බිරියට දිගින් දිගටම බැන තර්ජනය කිරීම හේතුවෙන් ඉහත සැකකාරිය නිවෙසේ තිබූ කැත්තක් ගෙන නිදා සිටි තම සැමියාගේ බෙල්ල ප්‍රදේශයට පහර දීම නිසා කැපුම් තුවාල ලැබූ සැමියා නිවෙස ඉදිරිපිටට දිව ගොස් ඇති අතර, ටික දුරක් ගොස් ඇද වැටි ඇත. අසල්වාසීන් මේ පිළිබඳව කරන්දෙණිය පොලිසියට කළ දැනුම්වත් කිරීමකින් අනතුරුව නිලධාරීන් පැමිණ සුවසැරිය ගිලන් රථයක් ගෙන්වුවත් ඒ වන විටත් අධික රුධිර වහනය හේතුවෙන් ඒ වන විටත් ඔහු මියගොස් තිබුණි.

මියගිය පුද්ගලයා මත්පැන් සහ ගංජා අධික ලෙස පානය කරන පුද්ගලයකු වන අතර දින 4කට පසුව 2024.03.02 වැනි දින නිවෙසට පැමිණ බිරිය සමඟ ආරවුලක් ඇති කර ගැනීම හේතුවෙන් ඇය විසින් මෙම පහරදීම සිදු කරනු ලැබ ඇත. කාලයක් තිස්සේ මොවුන් දෙදෙනා අතර සිදු වූ පවුල් ආරවුල් සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිස් ස්ථානය මඟින් ද පැමිණිලි කිහිපයක් විභාග කර තිබුණි. සිද්ධිය වූ දින ද එවන් ආරාවුලක් දුරදිග යෑම නිසා එය ඉවසා ගත නොහැකිව ඇය සැමියාට කැත්තකින් පහර දී ඇත. පසුව සැකකාර බිරිය වන කලුවා දේව ස්වර්ණා මල්කාන්ති යන අය කරන්දෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කරන්දෙණිය ගුරුබැබිල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ගොලුවා හකුරු නුවන් කුමාර නමැති කුරුඳු තැලීමේ රැකියාවේ නියුතු එක් දරු පියෙකි.

මේ සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිස් ස්ථානය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

 

කරන්දෙනිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT