බේරුවල, හෙට්ටිමුල්ල, ගාලු පාරේ පිහිටි පෞද්ගලික ඉන්ධන හල රාත්‍රියේ වැසීමට ආසන්නව තිබියදී පැමිණි ත්‍රිරෝද රථ රියැදුරකු හා තවත් අයකු ඉන්ධන ලබා ගෙන පිටත්වීමට ආසන්න මොහොතේ පොම්පකරුගේ ගෙල බැඳි රන්මාලය කොල්ලකා පලා යාමට තැත් කළ සැකකරුව ඉන්ධන හලේ සෙසු පිරිස එක්ව අල්ලා බේරුවල පොලිසියට බාර දීමෙන් පසු අත්අඩංගුවට ගෙන කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇතැයි බේරුවල පොලිසිය පැවසීය.
පොලිසිය කියා සිටියේ, අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව, ලුනාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයකු බවයි. කඩා ගත් රන් මාලය රුපියල් එක්ලක්ෂ තිස්පන්දහක් වටිනා බව එහි හිමිකාර පොම්පකරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. එම අවස්ථාවේ පලා ගිය ත්‍රිරෝද රථය ආරක්ෂක කැමරා දර්ශනවලින් හඳුනාගෙන තිබෙන අතර එය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරයෙක් කියා සිටියේය.
බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක චන්දන තෙන්නකෝන්, (අධිකරණ කටයුතු), උප පොලිස් පරීක්ෂක හියුබට් සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ සිදු කරති.
අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා