Thursday, May 15, 2025
Home » සරසවි සිසුවියන් නානවා දුරකථනයෙන් වීඩියෝ කළ විස්සේ කොල්ලා මාට්ටු

සරසවි සිසුවියන් නානවා දුරකථනයෙන් වීඩියෝ කළ විස්සේ කොල්ලා මාට්ටු

by sachintha
March 4, 2024 2:02 am 0 comment

කිරුළපන සිද්ධාර්ථ පාරේ නිවසක නේවාසිකව සිටින විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනාගේ නිරුවත් දර්ශන හොර රහසේ ජංගම දුරකථනයෙන් පටිගත කළ 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි. සැකකරු සන්තකයේ තිබී නිරුවත් දර්ශන ඇතුළත් ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇත.

මීට මාස හයකට පමණ ඉහතදී සිද්ධාර්ථ පාරේ නිවසක නේවාසිකව පදිංචි පැමිණ තිබූ තරුණියන් දෙදෙනා එම නිවසේ ඉහළ මාලයේ පදිංචිව සිටින අතර පහත මහලේ සැකකාර තරුණයා මව සහ නැගණිය සමඟ පදිංචිව සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුගේ පියා විදේශගතව සිටින බව පොලිසිය කියයි. පෙරේදා (2) තරුණියක් නාන කාමරය තුළ දිය නෑම සඳහා සූදානම් වීමේදී කිසියම් අයෙකු කවුළුවක් තුළ ජංගම දුරකථනයක් තබන අයුරු දුටු එක් සිසුවියක ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වීමේදී පහත මාලයේ සිටින නිවෙස් හිමි කාන්තාවගේ පුතු බවට සැක හැර දැනගෙන ඒ බව සිසුවියන් දෙදෙනාම කිරුළපන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. සැකකරු එලෙස පටිගත කළ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇද්ද ? සැකකරු මිතුරන් අතර බෙදා ගෙන ඇත්ද? යන්න හා තවත් පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු බේකරි පාඨමාලාවක් හදාරන්නකු බව පොලිසිය සඳහන් කරයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කිරුළපන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක් ද සිල්වා මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්ය අංශයේ ස්ථානාධිපතිනි පොලිස් කොස්තාපල් තමරා නිල්මිණි මහත්මිය පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT