පාදුක්ක මාවතගම ලයංගා කලායතනය ප්‍රථම වරට සංවිධාන කළ, “ගගන ගුම්” නර්තන ප්‍රසංගය (02) දින, පස්වරුවේ වටරැක කනිෂ්ඨ විද්‍යාල රංග ශාලාවේදී පැවැත්වුණි.
මෙහිදී කලායතනයේ සිසු දරු දැරියන් විසින් ඉතාමත් විචිත්‍ර ලෙස ඉදිරිපත් කළ උඩරට, පහතරට, සබරගමු, කතක්, සහ භරත යන තවත් නර්තනාංග රැසකින් සමන්විතව ඉදිරිපත් කළ මෙම ප්‍රසංගය, හොරණ විද්‍යාරතන පිරිවෙනේ නර්තනාචාර්ය, සුචිත මංගල මොරටුවගේ මහතා විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාට මහා සංඝරත්නයද වැඩමකර සිටි අතර, නූර්ත විශාරද කුමාරි ධම්මගේ, වටරැක කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති අශෝකා මාලනී, හංවැල්ල සංස්කෘතික නිලධාරිණී මේනකා, බස්නාහිර පළාත් සංස්කෘතික නිලධාරිණී අමාලි දංගල්ල, හංවැල්ල සංස්කෘතික මධ්‍යස්ථානාධිපති මංජුල වීරරත්න, ලයංගා කලායතනාධිපති සුචිත මංගල මොරටුවගේ, මහතා ඇතුළු කලායතනයේ සිසු දරු දැරියෝද, ආදි සිසුහු ද, ආරාධිත අමුත්තෝද, රැසක් සහභාගි වූහ.
පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ