Home » පාපැදි සවාරියේ පළමු අදියරේ ජය ගුවන් හමුදාවේ නදීෂට

පාපැදි සවාරියේ පළමු අදියරේ ජය ගුවන් හමුදාවේ නදීෂට

by sachintha
March 4, 2024 1:49 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව 25 වැනි වරට සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය ආරම්භ කරමින් ඊයේ කොළඹ සිට මහනුවර ගන්නොරුව දක්වා පැවති පළමු අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ නදීෂ ඒෂාන් සමත් විය.

කිලෝමීටර් 104ක දුරකින් පැවති එම අදියර නිමා කිරීමට නදීෂ පැය 2:39.40ක කාලයක් වාර්තා කළ අතර එම කාලයෙන් ම තරගය නිමා කළ යුද හමුදාවේ සඳරුවන් පින්ටෝ සහ දෙහිවල ගල්කිස්ස නගර සභා ක්‍රීඩා සමාජයේ රොවිදු නමුදිත සොයිසා පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වූහ.

මේ සවාරිය ඊයේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටිය අසලින් ආරම්භ වූ අතර ඉතිහාසයේ පළමු වරට දින පහක් පුරා පැවැත්වෙන මේ පාපැදි සවාරියේ දෙවැනි අදියර අද (4) මහනුවර සිට පොලොන්නරුව දක්වා කිලෝමීටර් 137.2ක දුරක් පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT