Thursday, May 15, 2025
Home » රන්දීෂ සහ අචලගෙන් පන්දුවෙන් දස්කම්
19න් පහළ දෙදින ක්‍රිකට්

රන්දීෂ සහ අචලගෙන් පන්දුවෙන් දස්කම්

by sachintha
March 4, 2024 1:02 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගවලදී පන්දුවෙන් දස්කම් දක්වමින් තම කණ්ඩායම්වල ජය වෙනුවෙන් වැඩි දායකත්වයක් සැපයීමට රන්දීෂ බණ්ඩාරනායක (කොළඹ ඩී. එස්. සේනානායක) සහ අචල පෙරේරා (වේල්ස් කුමර) යන ක්‍රීඩකයෝ සමත් වූහ.

කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව පැවති තරගයේදී රන්දීෂ බණ්ඩාරනායක කඩුලු 12ක් දවාලූ අතර, මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහි තරගයේදී අචල පෙරේරා කඩුලු 11ක් දවාලීය. තවත් තරගවලදී ධනුෂ්ක මධුරංග (පී. ද එස්. කුලරත්න), මළිඳු රත්නායක (කෝට්ටේ ජනාධිපති) සහ දහම් උෂින් (කෝට්ටේ ජනාධිපති) යන ක්‍රීඩකයන් පිත්තෙන් දස්කම් දක්වමින් ශතක රැස් කළ අතර, තිසර ඒකනායක (කටුගස්තොට සාන්ත අන්තෝනි) තුන් ඉරියව් දස්කම් දැක්වීය.

කොළඹ ඩී.එස්. විදුහලට ලකුණු 90ක ජයක්

ඩී.එස්. පළමු ඉනිම – 155 (ඕවර 44.3) පෙසඳු වීරසිංහ 43, ගවිරු සංහස් 32, මලිත පෙරේරා 23 (ඩිමාත් අබේසිංහ 45/5, තවීෂ බාලසූරිය 10/2, අර්ජුන් සත්සර 23/2) සහ දෙවැනි ඉනිම – 167 (ඕවර 64) පෙසඳු වීරසිංහ 44, ගවිරු සෙංහස් 22 (ඩිමාත් අබේසිංහ 65/5, අර්ජුන් සත්සර 80/5)

කුරුණෑගල මලියදේව පළමු ඉනිම – 144 (ඕවර 47.4) දිමන්ත අරූෂ 40, ගයන වීරසිංහ 35, තිවංක දිසානායක 31 (රන්දීෂ බණ්ඩාරනායක 31/6, ශනාල් බණ්ඩාර 24/2) සහ දෙවැනි ඉනිම – 88 (ඕවර 36.1)(රන්දීෂ බණ්ඩාරනායක 23/6, චෙනුල්ක පීරිස් 6/2)

වේල්ස් කුමර විදුහලට කඩුලු 9ක ජයක්

වේල්ස් කුමර පළමු ඉනිම – 199 (ඕවර 62.5) ඔෂාන් ද සිල්වා 54, රිවිත් ජයසූරිය 28, නවීන් ප්‍රනාන්දු 26, ප්‍රින්ස් ප්‍රනාන්දු නොදැවී 23 (මිනෙත් ප්‍රනාන්දු 59/4, හසිඳු 22/2, යොහාන් ආලෝක 25/2) සහ දෙවැනි ඉනිම – 71/1 (ඕවර 22) රිවිත් ජයසූරිය නොදැවී 38, සචිර ඩේමියන් 29

මීගමුව මාරිස්ටෙලා පළමු ඉනිම – 92 (ඕවර 24.5) (අචල පෙරේරා 22/7) සහ දෙවැනි ඉනිම – 174 (ඕවර 46) හස්තික ද සිල්වා 49, යොහාන් ආලෝක 41, මිනෙත් ප්‍රනාන්දු 32, සෆ්නි ඩීන් 21 (අචල පෙරේරා 64/4, රසිඳු ප්‍රනාන්දු 20/3, රුසඳු සිල්වා 30/2)

කටුගස්තොට සා. අන්තෝනි විදුහලට කඩුලු 3ක ජයක්

කැලණිය ගුරුකුල පළමු ඉනිම – 145 (ඕවර 50.1) තත්සර එෂාන් 47, මොහොමඩ් මුර්ෂාඩ් 37 (තිසර ඒකනායක 37/5, කවීෂ පියුමාල් 45/2) සහ දෙවැනි ඉනිම – 152 (ඕවර 41) මොහොමඩ් මුර්ෂාඩ් 32, තත්සර එෂාන් 32, ජනිත් මිහිරංග 23(කෙවාන් රමික 17/3)

සා. අන්තෝනි පළමු ඉනිම – 206 (ඕවර 53.2) තිසර ඒකනායක 62, ජනිත් රත්නසිරි 53, කෞශික කුමාරසිංහ 25, චාරුක ඒකනායක 23 (පූර්ණ කල්හාර 68/5, මොහොමඩ් මුර්සාඩ් 32/2, තරුෂ කොඩිකාර 43/2) සහ දෙවැනි ඉනිම – 94/7 (ඕවර 19) ජනුක රත්නායක 35, තිසර ඒකනායක 30 (මොහොමඩ් මුර්ෂාඩ් 22/4, පූර්ණ කල්හාර 26/2)

ඉසිපතන විදුහලට ලකුණු 174ක ජයක්

ඉසිපතන පළමු ඉනිම – 151 (ඕවර 40) ලෙසඳු කල්පගේ 37, රුචිත් රුද්‍රිගෝ 34, තරුෂ්ක අශේල් 24 (නිමේෂ සිල්වා 24/4, අරූෂ ජයසිංහ 36/3, ඉසුරු ගුණසේකර 31/2) සහ දෙවැනි ඉනිම – 157/9 (ඕවර 56) කෙවින් සැමුවෙල් 31, දුෂාන් මාලිංග 22(කවීෂ චන්දිමාල් 35/6, ඉසුරු ගුණසේකර 31/2)

මහනුවර සා. සිල්වෙස්තර පළමු ඉනිම – 69 (ඕවර 25.2) වගීෂ හංසල 24 (වින් සැමුවෙල් 22/5, සිතුක ගුණවර්ධන 3/23) සහ දෙවැනි ඉනිම – 65 (ඕවර 31.4) කාශ්‍යප දිසානායක 26 (තරුෂ්ක අශේල් 25/6, සිතුක ගුණවර්ධන 34/4)

ජය පරාජයෙන් තොරයි

පී. ද එස්. කුලරත්න පළමු ඉනිම – 342/9 (ඕවර 63.4) ධනුෂ්ක මධුරංග 133, ශවිඳු ආකාෂ් 83, දමික පුෂ්පලාල් 61, මහීෂ ප්‍රභාෂණ 27 (චනුල් ජයවර්ධන 53/4, සිතුම් ජයවර්ධන 26/4)

කෝට්ටේ ජනාධිපති වි. පළමු ඉනිම – 513 (ඕවර 140.4) මළිඳු රත්නායක 119, දහම් උෂින් 100, පුන්සර නෙත්මිණ 76, දිනේෂ් අරෝෂ 74, සෙතිල සෙව්හස් 56, නදිල නෙත්මිණ 42 (සසිඳු කෞශාන් 26/2, දමික පුෂ්පලාල් 63/2, ජනිඳු චාමික 63/2, ඉනුක ද සිල්වා 77/2)

 

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT