Thursday, May 15, 2025
Home » ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුවරට නිකී හේලිට පරදී

ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුවරට නිකී හේලිට පරදී

by sachintha
March 5, 2024 1:48 am 0 comment

අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රෙපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා තේරීමේ දේශපාලන මණ්ඩලයේ ප්‍රාන්ත මට්ටමේ නාමයෝජනා ඡන්ද විමසීමෙන් පළමුවරට නිකී හේලි ජයග්‍රහණයක් අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිටපු තානාපතිවරියක වන නිකී පසුගියදා වොෂින්ටන් ඩීසී නාමයෝජනා ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට සමත් වූ අතර, රෙපබ්ලිකන් ජනාධිපතිවරණ නාමයෝජනා ඡන්ද විමසීමේ ඉතිහාසයේ කාන්තාවක් ජයග්‍රහණයක් අත්කර ගත් පළමු අවස්ථාව එය බව ද වාර්තා වේ.

කෙසේ වුවද මේ දක්වා පැවැති ප්‍රාන්ත මට්ටමේ ඡන්ද විමසීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් බහුතර ඡන්ද විශාල සංඛ්‍යාවකින් ඉදිරියෙන් පසුවන අතර, නිකී හේලිගේ ඡන්ද බල පළාත වන දකුණු කැරොලිනා ප්‍රාන්ත ඡන්ද විමසීමෙන් ද ට්‍රම්ප් ජයගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වොෂින්ටන් ඩීසී ඡන්ද විමසීමෙන් නිකී හේලි 62.9% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ලැබුවේ ඡන්ද 33.2% ක ප්‍රතිශතයක් පමණි. අමෙරිකාවේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT