කාන්තා හිංසනය ඇතුළු චෝදනා රැසක් මත ඉරාන රජයට එරෙහිව පසුගිය වසර කිහිපය තුළ විරෝධතා උත්සන්න වීම හේතුවෙන් ඉරාන මහමැතිවරණයේ ඡන්ද භාවිතය ඉතිහාසයේ පළමුවරට 50% කට වඩා පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන මැතිවරණ ඉතිහාසයේ ඡන්ද භාවිතය පහළ වැටී ඇත්තේ 1979 ඉරාන විප්ලවයෙන් පසු පළමුවතාවට බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගිය සිකුරාදා රාත්‍රියේ ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගනිද්දී ඉරානයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 40.6% කට සීමා වූ බව මැතිවරණ නිලධාරින් තහවුරු කර ඇතැයි ද වාර්තා වේ. මැතිවරණයේ ඡන්ද භාවිතය ආරම්භ වී පැය 10කට පසුව ද ඡන්දය ප්‍රකාශ වී ඇත්තේ 27%ක් පමණක් බවත්, පළමු පැය අටේදි ටෙහ්රාන් අගනුවර ඡන්ද භාවිතය 12% දක්වා පහත වැටී තිබූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ අනපේක්ෂිත තත්ත්වය හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව පැය දෙකකින් දීර්ඝ කිරීමට මැතිවරණ නිලධාරීන්ට සිදුවූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.