Home » සාමාන්‍ය පෙළ විෂයයන් ගණන හත දක්වා අඩු කරනවා – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

සාමාන්‍ය පෙළ විෂයයන් ගණන හත දක්වා අඩු කරනවා – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

by sachintha
March 5, 2024 1:56 am 0 comment

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දැනට පවතින විෂයන් සංඛ්‍යාව විෂයන් හත දක්වා අඩු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයීමකට ලක් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කිසිදු දරුවෙක් සාමාන්‍ය පෙළ අසමත් නොවන අයුරින් සහ උසස් පෙළ ශ්‍රේණිවලදී තමන්ට අභිමත සහ කුසලතා දක්වන විෂය ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තීය පුහුණුව ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා පැවසුවේය.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි 337,000ක සිසුන් අතරින් සිසුන් 50,000කට ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය හා මාර්ගෝපදේශනය පිළිබඳ පුහුණුවක් ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය. රට පුරා පිහිටි මධ්‍යස්ථාන 300ක මෙම පුහුණු වැඩසටහන අද (05) සිට පැවැත්වේ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT