801
ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙතෙක් ලොව ධනවත්ම මිනිසාගේ ස්ථානයේ රැඳී සිටි ඊලෝන් මස්ක් පසුකර ඔහු එම ස්ථානයට පත්ව ඇත.
ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් බව එම වාර්තා පෙන්වා දෙයි.
ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් බව එම වාර්තා සඳහන් කරයි.