Home » අමෙරිකා සාම චිත්‍ර තරගයෙන් මුල්වරට අපේ සිසුවකුට ජයක්

අමෙරිකා සාම චිත්‍ර තරගයෙන් මුල්වරට අපේ සිසුවකුට ජයක්

by sachintha
March 5, 2024 1:48 am 0 comment

අ‍ෙමරිකාවේ ජාත්‍යන්තර සිංහ සමාජ මූලස්ථානය මඟින් වාර්ෂිකව පවත්වන සාම චිත්‍ර තරගාවලියේ 2023-2024 සඳහා පැවති 35 වැනි තරගාවලියේ ජයග්‍රහණයක් ඉතිහාසයේ පළමු වරට මෙවර ශ්‍රී ලාංකික සිසුවකුට හිමි වී ඇත.

අ‍ෙමරිකානු ඩොලර් 500ක් වටිනා ත්‍යාගයක් සමඟ කුසලතා සහතිකයකට හිමිකම් පා ඇත්තේ කඳාන මැසිනොද් විද්‍යාලයේ 9 ශ්‍රේණියේ 13 හැවිරිදි විල්ලෝර ආරච්චිගේ නෙතුක හසරැල් පෙරේරා සිසුවාය.

මෙම තරගය ආරම්භ කර වසර 34ක් තිස්සේ ශ්‍රී ලාංකික දරුවකුට මෙම තරගයේ ජයග්‍රාහක අවස්ථා විසි හතරෙන් එකක් හෝ දිනා ගැනීමට මෙතෙක් අවස්ථාව සැලසී නොතිබිණි. මෙවර සාම පෝස්ටර් තරගාවලියට ලෝකයේ රටවල් 60කින් ළමයින් හය ලක්ෂයක් පමණ දෙනා සහභාගි වී තිබිණි.

වයස අවුරුදු 11 සිට 13 දක්වා අතර පසුවන දරුවන්ට මෙම සාම චිත්‍ර තරගයට ඉදිරිපත්වීමේ අවස්ථාව සැලසී ඇත. නෙතුක හසරැල් ශ්‍රී ලංකාවේ සිංහ සමාජ 306 බහු දිස්ත්‍රික්කයේ 306 ඊ 2 දිස්ත්‍රික්කය යටතේ මරදගහමුල දිවුලපිටිය 2 වැනි සියවසේ සිංහ සමාජය අනුග්‍රහය යටතේ සිය නිර්මාණය ඉදිරිපත් කර ඇත.

ජයග්‍රාහකයන් අතර කොලොම්බියාව, චීනය. එස්තෝනියාව, ඉන්දියාව, ජපානය, කොරියාව මැලේසියාව. තායිවානය, නවසීලන්තය, පේරු, දකුණු අප්‍රිකාව, ට්‍රීනිඩෑඩ්, ටොබෑගෝ හා එක්සත් ජනපදය ආදි රටවල ද දරුවෝ වෙති.

කොටදෙණියාව සමූහ එම්. පුෂ්පකුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT