නීති විරෝධි ලෙස තේක්ක කඳන් තොගයක් ප්‍රවාහන කරමින් තිබූ කැබ් රථයක් නවගත්තේගම වන නිලධාරීන් නවතන ලෙස කළ අණ කිරීම නොතකා පලා යමින් සිටියදී පෙරේදා (03) වගුරු බිමක් හරහා යාමට ගොස් එහි කැබ් රිය එරීමත් සමඟ දැව ජාවාරම්කරුවන් පලා ගොස් තිබු බව පවසයි.
වන නිලධාරීන්ගෙන් බේරීම සඳහා පලා යමින් සිටි දැව ජාවාරම් කරුවන් හම්බු හා තෘණවලින් පිරි තිබුූ ප්‍රදේශය වගුරු බිමක් යැයි නොසිතා ධාවනය කර ඇති බවත් මඳ දුරක් කැබ් රථය ගමන් කරද්දී එය මඩේ එරීමේන් පසු සැකකරුවන් පලා ගොස් ඇති බව පවසයි.
දැව ජාවාරම් කරුවන් වගුර මැදින් කැබ් රිය ධාවනය කරද්දී ඔවුන්ගේ ජීවිතද බේරි ඇත්තේ යාන්තමින් බව වන නිලධාරීන් පවසයි. මෙසේ පලා ගොස් ඇත්තේ පුත්තලම හා කල්අඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව මේ වන විට වන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.
වන නිලධාරීන් පවසන්නේ මෙම දැව ජාවාරම්කරුවන් වගුරේ එරීමත් සමඟ දමා ගිය කැබ් රිය පසුගිය ජනවාරි 9 වැනිදා දැව කඳන් 30ක් සමඟ නවගත්තේගම පොලිසිය අත්අඩංගුවට ගෙන බැදුම්කරයක් මත නිදහස් කර ඇති බවයි.
ඉන් පසුවද දිගින් දිගටම මෙම කැබ් රිය යොදා ගනිමින් දැව ජාවාරම් කරනු ලබන බවට ලැබුණ තොරතුර මත නවගත්තේගම වන නිලධාරීන් මෙසේ අදාළ කැබ් රථය අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට පලා ගොස් තිබූ බව වන නිලධාරීන් පවසයි.
බැකෝ යන්ත්‍ර මඟින් අත්අඩංගුවට ගත් කැබ් රථය හා තේක්ක දැව කඳන් තොගය ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණී.
පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ