Home » මඩොල්සිම බදුල්ල හරහා කොළඹට අලුත් බස් එකක්

මඩොල්සිම බදුල්ල හරහා කොළඹට අලුත් බස් එකක්

by sachintha
March 5, 2024 12:52 am 0 comment

ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව මඟින් මඩොල්සිම බදුල්ල හරහා කොළඹ දක්වා ප්‍රථම වරට නව ලංගම බස්‍ රථ සේවයක් ආරම්භ කළ බව ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝ කළමනාකාර ඩබ්ලිව්.ඇම්.ඩී.සී. වීරවන්නි මහතා ඊයේ (4) පැවසීය.සාමාන්‍ය ගාස්තු අය කරමින් ධාවනය වන මෙම බස්‍ රථය දිනපතා මඩොල්සිම නගරයෙන් පෙරවරු 6.00ට කොළඹ දක්වා ගමන් ආරම්භ කර පෙරවරු 6.50ට පස්සර නගරයෙන් පිටත්ව බදුල්ල නගරයට ළඟා වී බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළෙන් පෙරවරු 8.10ට කොළඹ දක්වා ධාවනය වන බවද හෙතෙම කීය.

කොළඹට පස්වරු 3.00ට පමණ ළඟා වන එම බස් රථය යළි කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට රාත්‍රි 7.45ට බදුල්ල හරහා මඩොල්සිම දක්වා ගමන් ආරම්භ කරන බව පවසන වීරවන්නි මහතා, මෙම නව බස්‍ සේවය මඟින් මගී ජනතාවට සිය ගමන් බිමන් යෑමේදී සහනයක් සැලසෙන බව ද සඳහන් කළේය.

සී. ගමගේ – සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT