Home » ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න කියා ලොරෙන්සෝ පුතා ධීවරයෝ උපවාසයේ

ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න කියා ලොරෙන්සෝ පුතා ධීවරයෝ උපවාසයේ

by sachintha
March 5, 2024 1:53 am 0 comment

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණට හසුව සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බළකාය විසින් බේරා ගනු ලැබූ ‘ලොරෙන්සෝ පුතා – 4’යාත්‍රාවේ ශ්‍රී ලාංකික ධීවරයන් හයදෙනා තමන්ව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටිමින් උපවාසයක් ආරම්භ කර ඇති බව යාත්‍රා හිමිකරු, ඩබ්ලිව්. ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා මහතා කියා පැවසීය.

ඔහු සීෂෙල්ස් රාජ්‍යයේ තානාපති කාර්යාලය දැනුම්වත් කරමින් කියා ඇත්තේ, මාර්තු පළමු වැනිදා රාත්‍රියේ සිට නිරාහාරව සිටිමින් උපවාසය ආරම්භ කළ බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසත්ය. සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා වරායේ ‘ලොරෙන්සෝ පුතා – 4’ යාත්‍රාව නැංගුරම්ලා අද වන විට දින තිස් තුනක් ගතව තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වන යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා මෙසේ පැවසීය.

“ලොකු සටනක් කරලා අපේ ධීවරයන්වයි, යාත්‍රාවයි බේරා ගැනීම ගැන ශ්‍රී ලංකා රජයට හා සීෂෙල්ස් රජයට ” ප්‍රථමයෙන් ස්තූතිවන්ත වෙනවා. නමුත් අදට මාසෙකට වැඩි කාලයක් තිස්සේ මේ අය වික්ටෝරියා ධීවර වරායේ රැඳිලා බන්නවා. ඒත් තාම ඔවුන්ව ගෙන්න ගන්න කටයුතු කරලා නැහැ. මම කිහිප වතාවක්ම ධීවර අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු ආයතන සියල්ලටම ගිහින් මේ ගැන දැනුම් දීල තියෙනවා. නමුත් අපව සනසන උත්තර තමයි දුන්නේ.

 

මිහිර විජේසේකර – මාරවිල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT