Home » වසා තිබූ පදලංගල උළු කම්හල යළි වැඩ අරඹයි

වසා තිබූ පදලංගල උළු කම්හල යළි වැඩ අරඹයි

by sachintha
March 5, 2024 1:54 am 0 comment

වසා දමා තිබූ ලංකා පිඟන් සංස්ථාවට අයත් ඇඹිලිපිටිය, උස්වැව, කුට්ටිගල, පදලංගල, උළු හා ගඩොල් නිෂ්පාදන කර්මාන්තශාලාව ප්‍රතිසංස්කරණය කර නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. නවීකරණය කරන ලද කර්මාන්තශාලාවේ නිෂ්පාදන කට‍යුතු රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතාගේ සහභාගිත්වයෙන් ඉකුත් දා (01) ආරම්භ කෙරිණි. මෙම කර්මාන්තශාලාවෙන් පරිසර හිතකාමී ගඩොල් වර්ගයක් ද නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා ඇත. ඉස්තරම් වර්ගයේ උළු නිෂ්පාදනය කිරීම ද මෙහිදී සිදු කෙරේ. මෙම කර්මාන්තශාලාව යළි විවෘත කිරීමත් සමඟ විශාල පිරිසකට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් හිමි වේ.

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT