Home » මනිපායි රෝහල හදන්න සල්ලි සොයා විදේශිකයෝ බයිසිකල් පදිති

මනිපායි රෝහල හදන්න සල්ලි සොයා විදේශිකයෝ බයිසිකල් පදිති

by sachintha
March 5, 2024 1:55 am 0 comment

යාපනයේ මනිපායි රෝහල අංගසම්පූර්ණ රෝහලක් බවට පත් කිරීම සඳහා විදෙස් රටවලින් පැමිණි හතළිහකගෙන් පමණ සමන්විත පාපැදිකරුවන් පිරිසක් මේ දිනවල යාපනය පුරා සැරිසරමින් මුදල් ආධාර එකතු කරති.

මේ පිරිස මහනුවර සිට වවුනියාව හරහා යාපනයට පාපැදි සවාරියෙන් පැමිණි අතර යාපනය මනිපායි රෝහල අංගසම්පූර්ණ රෝහලක් බවට පත් කිරීමේ ඇති අවශ්‍යතාවය ද පණිවුඩයක් වශයෙන් බෙදා හරිමින් මුදල් එකතු කිරීමේ යෙදෙති. මෙම පාපැදි සවාරියට අමෙරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව හා ප්‍රංශය යන රටවල කාන්තා හා පිරිමි සාමාජික සාමාජිකාවන් සහභාගී වී සිටින අතර ඔවුන් දින දාහතරක කාලයක් යාපනය ඇතුළු උතුරේ දිස්ත්‍රික්ක කිහිපයක පාපැදිවලින් සංචාරය කරමින් මුදල් එකතු කිරීමට සැලසුම් කොට තිබේ.

 

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT