Home » කන්නත්තොට ජල පොම්පාගාරයෙන් දෙන වතුර අපිරිසුදුයි – ජනතාවගෙන් මැසිවිලි

කන්නත්තොට ජල පොම්පාගාරයෙන් දෙන වතුර අපිරිසුදුයි – ජනතාවගෙන් මැසිවිලි

by sachintha
March 5, 2024 1:56 am 0 comment

රුවන්වැල්ල ජල සම්පාදන මණ්ඩලයට අයත් කන්නත්තොට ජල පොම්පාගාරය මඟින් ලබා දෙන ජලය ඉතාමත් අපිරිසුදු තත්ත්වයක පවතින බව ගම්වාසීහු පවසති.

මේ හේතුවෙන් දොඩම්ගස්තැන්න, හල්ඔලුව, එරබොදුවල, පාරාවත්ත, කුරුගහවිට, මත්තමගොඩ, පන්නල කන්ද සහ කන්නත්තොට යන ගම්මාන අටකට අයත් පවුල් 6,000ක පමණ ජනතාව පීඩාවට පත්ව ඇත. මෙම ජලයට අරුග්ගම්මන බෝගල පතල් ඇළ මාර්ගයේ ගලාගෙන එන මිනිරන් මිශ්‍ර වී ඇති බව ඔවුහු පවසයි. මෙම ජලය කිසිදු පිරිපහදුවකින් තොරව ඉඳහිට ක්ලෝරීන් පමණක් මිශ්‍ර කර ජනතාවට බෙදා හරින බව පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ, මෙම අපිරිසුදු ජලය පානය කිරීමෙන් දරුවන්ට ද නිතර ලෙඩ රෝගවලට ගොදුරු වීමට සිදු වන බවයි.

කෑගල්ල දිස්ත්‍රික් සමූහ දයාරත්න බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT