Home » ට්‍රැක්ටර්වලින් දැල් ඇද්ද ධීවරයෝ නිලධාරීන් හා පොලිසිය එක්ක පැටලෙති

ට්‍රැක්ටර්වලින් දැල් ඇද්ද ධීවරයෝ නිලධාරීන් හා පොලිසිය එක්ක පැටලෙති

by sachintha
March 5, 2024 1:57 am 0 comment

යාපනයේ වඩමාරච්චි වෙත්තිලකේණි ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් ධීවර පරීක්ෂක නිලධාරීන් හා පොලිසිය සමඟ පෙරේදා (3) සවස ගැටුමක් ඇති කරගෙන තිබේ.

මෙහිදී වෙත්තිලකේණී ධීවරයෝ ධීවර පරීක්ෂක නිලධාරීන් පිරිසකට පහර දී ඇති අතර ගැටුම සමථයකට පත් කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසකට ද ධීවරයන් පහර දී ඇත. ගැටුමෙන් පාර්ශ්ව තුනේම හතරදෙනකු සුළු තුවාල ලබා ඇති අතර තවත් ධීවරයන් පිරිසක් පැමිණ ගැටුම සමථයකට පත් කොට තිබිණ.

මෙම ප්‍රදේශයේ ධීවරයන් දැල් ඇදීමේදී මසුන් පිරුණු දැල් ට්‍රැක්ටර්වල ගැට ගසා ගොඩට ඇදීම කාලයක සිට පුරුදුව සිට ඇති අතර එසේ කිරීම පසුගියදා ධීවර පරීක්ෂක කාර්යාලය විසින් තහනම් කරනු ලැබිණ. මෙම තහනම සම්බන්ධයෙන් යාපනයේ සියලුම ධීවර සමිති දැනුම්වත් කොට තිබියදී වෙත්තිලකේණී ප්‍රදේශයේ ධීවරයන් පමණක් ට්‍රැක්ටර් භාවිත කොට දැල් ඇදීමට පටන් ගැනීම හේතුවෙන් එම ක්‍රියාව වැළැක්වීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇත.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT