745
පොතුහැර, බුළුගොල්ල හංදිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
අනතුර සිදුව ඇත්තේ, කුරූණෑගල දෙස සිට කොළඹ දක්වා ධාවනය වු එළවළු ප්‍රවාහන ලොරියක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනි.
අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි තිදෙනෙකු මියගොස් ඇත.
මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු නැති බව පොලිසිය පවසයි.
ලොරි රථයේ රියදුරු පොතුහැර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.