Thursday, May 15, 2025
Home » Francophonie 2024 මාක් අයමන් සහ මිලා බෙසෝන්ගේ ගීත ප්‍රසංගයක්

Francophonie 2024 මාක් අයමන් සහ මිලා බෙසෝන්ගේ ගීත ප්‍රසංගයක්

by sachintha
March 6, 2024 1:26 am 0 comment

කොළඹ (2024 මාර්තු 04): ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ

la Francophonie ජාත්‍යන්තර සංවිධානය එක්ව කොළඹ සහ අහංගම යන නගරවලදී 2024 Francophonie ගීත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. වාර්ෂිකව සිදු කෙරෙන ප්‍රංශ භාෂා සහ සංස්කෘතික සැමරුමට (Francophonie 2024) සමගාමීව පැවැත්වෙන මෙම ගී ප්‍රසංගයට ස්විස් ජාතික කලාකරුවෝ දෙපළක්වන මාක් අයමන් සහ මිලා බෙසොන් එක්වෙති.

මෙම සමාරම්භක දර්ශනය මාර්තු 16 වැනි සෙනසුරාදා පස්වරු 7ට Alliance Française de Colombo දී ද, අවසන් දර්ශනය මාර්තු 17 වැනි ඉරු දින පස්වරු 7ට අහංගම TRAX හිදී ද පැවැත්වීමට නියමිතය. මෙම සියලු දර්ශන වාර නොමිලයේ පැවැත්වෙන අතර, ආසන සීමිතය.

මීට සමගාමීව සංවිධානය කෙරෙන විශේෂ පුහුණු පන්ති (Master classes) මාර්තු 16 වැනි සෙනසුරාදා කොළඹ දෘශ්‍ය සහ ප්‍රාසාංගික කලා විශ්වවිද්‍යාලයේදී සහ මාර්තු 19 වැනිදා රුහුණ විශ්වවිද්‍යාලයේදී පෙරවරු 10 සිට පෙරවරු 11.30 දක්වා පැවැත්වේ.

ප්‍රසංගයේ ප්‍රධාන කලාකරුවා වන මාක් අයමන් කවියෙකු සහ ගායකයෙකු වේ. ඔහු තම සංචාර, කලාව සහ ජාතික උරුමයන් ඇසුරු කරගනිමින්, ජන ගී ආරට නවීන සංගීත මුසුවක් සමඟින් තම නිර්මාණ ඉදිරිපත් කරයි. දැනට සංගීත ඇල්බම 8ක් සහ ගීත 4ක් එළිදක්වා ඇති ඔහුගේ ගීත ප්‍රංශ භාෂාව කතා කරන රටවල ඉතා ජනප්‍රිය අතර, පැරගුවේ, ප්‍රංශය, බුයනොස් අයර්ස්, කෙන්යාව, රුවන්ඩාව සහ ඊජිප්තුව යන රටවල් සහ නගරවල පැවැති Francophonie ප්‍රසංගවල ද ඔහු සිය දස්කම් දක්වා තිබේ. තාල වාද්‍ය භාණ්ඩ වාදනයෙහි ද රුසියෙකු වන අයමන්, Valais dulcimer, Drums, Kotamo, Handpan, Bockhornxylo සහ Glasudu ආදී තාල වාද්‍ය භාණ්ඩ රැසක් වාදනයෙහි සමත් ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT